මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද?

  01 ජනවාරි 2012

මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද? Copyright Claims

 

මේ කාලේ නිවන් දකින්නට බැරි බව තමයි බොහෝ පිරිසකගේ අදහස.  ඉතින් මේ පිළිබඳව වැඩි වශයෙන් ඇත්තටම කතා කරන්නට දෙයක් නෑ.  මන්ද බුදු දහමක් ආගමක් කරගෙන ලෞකික ලාභ ප්‍රයෝජනය පිණිස සකසා ගත් විට ඒ ආගමක් වූ බුදු දහම තුලින් නම් නිවනක් ලබන්නට නොහැකියි තමයි.  ඒ නිසාම ඒ තුල යන නාමික බෞද්ධයින්ට සිතෙන්නේ මේ කාලේ නම් නිවන කියන්නේ ලබන්නට නොහැකි දෙයක් බවයි.  මගේ නම් පෞද්ගලික අදහස මෙය ඇත්තටම බුදු හිමියන්ටත් කරන අගෞරවයක් බවයි.  

පෙරත් පෙන්වා දුන් පරිදි බුදු දහම යනු බුදු හිමියන් සමඟ තිබී උන්වහන්සේ සමඟ නැතිව යන දහමක් නොවේ.  උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ විට හඳුනාගෙන මතු කර අන් අයටද පෙන්වා දෙන... ඒ මතුකරගන්නා අත්දැකගන්නට අවසන් පුද්ගලයාත් ලොව සිටින තුරාවට අන් අයටද මතු කර දෙමින් ඵල ලබාගන්නට මඟ පාදන ක්‍රමයක් තමයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ. 

ඒත් සැබෑව එය නොවේ.  මෙය තවමත් බුද්ධ ශාසනයක් පවතින... නිවන ලබන්නට හැකි පෙර නොඇසූ විරූ දහම ප්‍රකටව පවතින... ඒ දේවල් තෝරාගත්ත කළණ මිතුරන් ජීවත් වන කාලයක්.  නුවණැතිව විවෘත මනසකින් සැබෑ අවංකත්වයෙන් ගවේෂණය කරන්නාට නිවන බොහෝ දුර නොවනු ඇත.   ඉතින් නිවන් දකින්නට කාලයක් නෑ.  බුද්ධ ශාසනයක් නොපවතින කාලයකත් මේ දහම තෝරාගෙන නිවන් ලබන පිරිසක් සිටිනවා.  ඒ පිරිසට කියන්නේ පසේ බුදුරජාණන්වහන්සේලා කියලයි. 

දත්ත වලින් නිවන් නොසොයා... නිවන ලැබගැනීමට අවශ්‍ය කරන පසුතලය තම තමන් වෙත ලබාදෙන්නේ නම් නිවන ලැබගන්නට නොහැකි දෙයක්ද නැත්ද යන්න තම තමන්ට වටහාගන්නට හැකිවේවි.  එතෙක් අන් අයගේ බසට කන්දී අධෛර්යමත් නොවී ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට බුද්ධිමත් ඔබ නිසි දේ විමසිය යුතුයි!

මෙවැනි සඳහම් ඇසුර වැඩියෙන් ලබනට පිවිසෙන්න;