ඉසින්බැස්සගල පුදබිමට එළියක්

"දානයද යුද්ධයද සමාන කොට කියත්. යුද්ධයෙහි ටික දෙනෙක් බොහෝ දිනත්, එමෙන්ම මද දෙයින් වුවද කම් ඵල අදහමින් දෙන්නේද ඒ හේතුයෙන්ම ඔහු පරලොව්හිදී සැප ඇතියෙක් වෙයි"

ඉසින්බැස්සගල පුදබිමට එළියක්

  10 ජනවාරි 2015

අනුරාධපුර නටඹුන් රාජධානියට කිලෝ මීටර 30ක් පමණ දුරින් පිහිටි මැදවච්චිය ප්‍රදේශයේ ගල්තලාවක පිහිටි මේ අපුරු පුදබිමට ගොඩවදින්නට වූයේ අහම්බයකිනි. එහෙත් ඒ අහම්බය ඒ පින්බිම වෙත අපෙන් විය යුතු යුතුකම් ඉටු කරලීම පිණිස අවස්ථාවක් කර ගත යුතුයැයි සිතුණි.

ඉතිහාසයට අනුවද මිහිඳු හිමියන් වැඩ සිටියා යැයි කියැවෙන මෙම ස්ථානයේ නමගත් විට එහි අර්ථයත සෘෂිවරුන් බැස්සාවූ ගල යන්නයි.  එර්දි ඇති සෘෂිවරුන් අහසින් ගමන් කරන විට මෙම ස්ථානයට ගොඩබැස භාවනා කටයුතු ආදිය කලා යැයි සිතයි.  ඒ වගේම යුද්ධය පවතින කාලයේදී නාවික හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් ලෙසින්ද මෙම ස්ථානය පවත්වාගෙන ගියේ මෙම ස්ථානයේ ඇති විශේෂ භූමි ලක්ෂණ නිසාවෙන් සතුරු හමුදාව මෙම ස්ථානය කෙරෙහි දැක්වූ උනන්දුව නිසාමය. 

ඒ වගේම මෙකල මේ පින්බිම වඩාත් ජනප්‍රිය වූ තවත් කරුණක් වී තිබෙන්නේ බුදු හිමියන්ගේ මංගල ධර්ම දේශනාව පැවති ඉසිපතනේ මිගදාය මෙම ස්ථානය බවට ඇති මතයයි.  සැමගේම අදහස් හා මතයන්ට ගරු කරන නිර්වාණ ධර්ම ඒ බව මෙහි සඳහන් කරන්නට පැකිලීමක් නැත්තේ තමන්ගේ නිවසේ බුදුන් පුදන තැන පටන්ගෙන ගමේ පන්සලේ පටන්ගෙන ඕනෑම ස්ථානයක් බුදු හිමියන් ජීවමානවම වැඩ සිටි තවමත් වැඩ සිටින ස්ථානයක් බව සිහිපත් කරගෙන ඒ ජීවමාන අවධියේ අප අසා ඇති විශේෂ සිදුවීම් සිදූවූ ස්ථාන බව සිතින් සිතාගෙන නිසි ගෞරවය ලබාදෙමින් කටයුතු කරන්නේ නම් එයින් ලැබෙන පින අනන්තයි අප්‍රමාණයි වන බැවිනි.  ඒ නිසා කරුණු කාරණා කෙසේ යෙදුනත් මෙවන් වූ පුණ්‍යභූමි අරිහතුන්වහන්සේලාගේ ස්පර්ශය ලත් පින්බිම් බව නම් ඒ ඒ ස්ථානයන්හි පවතින විශ්වීය ශක්තිය දැනෙන විට සිතට නිතැතින්ම දැනේ. 

එමෙන්ම ඉතාමත් කරුණාවන්ත හිමිනමක් ඇසුරු කරන්නට මේ භූමියේදී අපට අවස්ථාව ලැබුණි.  ඒ කරුණාවන්තභාවය නිසාම අවස්ථා කිහිපයකදීම මෙම ස්ථානය වන්දනා කිරීම සහ භාවනා කටයුතු කිරීමට අමතරව ඒ හිමියන් සමඟ කතා බහේ නිරත වන්නටද අමතක නොකලෙමු.  ඒ අනුව මේ පින්බිමට නිසි ලෙසින් නිම කල පහන් වැටක අඩුවක් පවතින බව දැනගන්නට ලැබුණි.  දැනට පවතින පහන් වැටෙන් නිසි ලෙසින් ප්‍රයෝජන ගත නොහැකිව පවතින්නේ දැඩි සුළඟ නිසා බව දැනගන්නට ලැබුණි. 

ඒ අනුව පහන් වැට ආවරණයක් සකසන්නට කටයුතු සලසන ඒ හිමියන්ට අපට හැකි අයුරින් උපකාර කරන්නට අපගේ හිතමිතුරන් දැනුවත් කල විට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලැබුණි. ඔවුනට හැකි උපරිමයෙන් මුදල් ආධාර එවා මේ කටයුත්තට උර දුන් අතර මේ පුණ්‍ය කටයුත්ත සිදුවූ පසු එහි ඡායාරූපද ඔබගේ හිත සුව පිණිස දමන්නට අප කටයුතු කරන්නම්. ඉසින්බැස්සගල රුවන්ගිරි රජමහාවිහාරයට ඔබේ දායකත්වයට සැපයීමට මෙසේ අවස්ථාව උදා කර දෙමි.

 

 

රොහාන් නෙත්සිංහ, වාගීෂා රන්සිමාලි, සුදන්ත සූරියබණ්ඩාර සහ ඉරේෂා සූරියබණ්ඩාර ඇතුලු ඔවුන්ගේ පවුල්වල සෑම සියලු දෙනාටමත්, සහ සම්බන්ධ වූ සැමටත් අනන්ත සතර වරිගයක ඥාති හිතමිත්‍රාදී සැමටත් මේ ඉටු කරගත්තාවූ පුණ්‍ය කුසල ශක්තීන් මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සේ ගලා ගොස් විහිදි පැතිරී පිහිටාවා!  අරි මඟ පූර්ණය පිණිසම නිවනේ ශාන්තිය ලැබීම පිණිසම හේතු උපකාර වෙත්වා!!!

ඔබට දායක විය හැකි ආකාරයන්:

  • ඉසින්බැස්සගල ප්‍රධාන පන්සල් භූමිය තුල ඉදිවෙන දාන ශාලාව අවසාන කරගැනීමට ඔබට දායක විය හැකියි.
  • ඒ වගේම පන්සලනේ විමසා ඒ පින්බිමට අවශ්‍ය ඕනෑම දේකට සම්බන්ධ වීමට ඔබට හැකියාවක් තියෙනවා