ගිලානෝපස්ථාන මධ්‍යාස්ථානය

ගිලානෝපස්ථාන මධ්‍යාස්ථානය

  01 ජනවාරි 0001

ගිලන් බවට පත්වූවෙකුට මොහොතකට හෝ සුවයක් සහනයක් වීමට හැකි නම් සසර ගිලන්බවින් බරිත අපටද සැනසීමටම හැකි කරුණක් වනු ඇත.

ගිලන්බව උරුම කරගත් මේ කය තුලින් ගිලන් නොවේවා යැයි මොහොතකට හෝ පැතීම යථාර්ථය නොදන්නා නොදක්නා මනසකම ස්වභාවයයි.  ඉපදීමක් වේ නම් ගිලන් බව උරුම කරගත් මේ කය කෙරෙහි අවබෝධයෙන් යුතුව සසර දුක් කෙලවර කරගන්නට චීවරයක් දරාගෙන මහණ දම් පුරණ හිමිවරුන් ගිලන් වූ පසු මහත්සේ අපහසුතාවයට පත්වන්නට සිද්ධ වන්නේ ලෝක සම්මත රටාව තුල මේ වන විට මුදලට ලැබී ඇති වටිනාකමත් අවශ්‍ය කරන බෙහෙත් ආදිය නොමිලේ සපයාගැනීමට ඇති අපහසුතාවයත් නිසාමය.  ඒ හැරුණු කොට උපස්ථානය පිණිස කිසිවෙකු සොයාගැනීමත් මහත් සේ දුෂ්කර කටයුත්තකි. 

මේ සියලු දේ සලකා ගිලන් වූ හිමිවරුන් උදෙසා සකසා ඇති කැළණිය වරාගොඩ ප්‍රදේශයේ ගිලාන උපස්ථාන මධ්‍යස්ථානය අපගේ නිවසට ආසන්නයේ පවතින තවත් දුර්ලභ ගණයේ පින්කමක් සිදුකරන පුණ්‍ය භූමියකි.  භික්ෂූන්වහන්සේලා කීපනමක්ම වැඩ සිටිනවා. උන්වහන්සේලාගෙන් සමහර හිමිකෙනෙක් පිළිකාරෝගයෙනුත් සමහර හිමි කෙනෙක් අංශභාගය වැනි රෝගාබාධ වලිනුත් පීඩා විදිනවා.  වැඩි විස්තර දැනගන්නට මේ ස්ථානයට සම්බන්ධවීම තුලින් හැකිවේවි.  අවස්ථාව ලත් විට එයට අතහිත දීමට අපද කටයුතු කරන අතර ඔබටද ඒ මහඟු පින්කමට සම්බන්ධ වීමට මෙසේ අවස්ථාව උදා කරදෙමි.

 

 

ඔබට දායක විය හැකි ආකාරයන්:

  • නායක හිමියන්ගේ උපදෙස් පරිදි ස්වාමීන්වහන්සේලාගේ ඖෂධ ආදිය ගැනීමට දායක වීමට හැකියාවක් තිබෙනවා.