ගුරු උපහාර කෘතගුණ පින්කම

“කෘතගුණ සැළකීම යනු අති දුර්ලභ කාරණයකි... යමෙක් කෙරෙහි යමක් කෙරෙහි ඔබේ හදවතට ඒ කෘතගුණයන් දැනේ නම් එය ඔබේ මුළු දිවියම උඩු යටිකරු කරන්නට සමත් වනු ඇත!“

ගුරු උපහාර කෘතගුණ පින්කම

  08 ඔක්තෝබර් 2013

පාසලෙන් ඉවත්වුවත් විදුහල්පතීන් සහ ගුරුභවතුන් කෙරහි ඇති ගෞරවයත් ඔවුනට කෘතගුණ සැළකිය යුතුයි යන අදහසත් සිතේ නිති රැදුණි.  මේ අනුව 2013 වර්ෂයේදී බොහෝ කලක පටන්ගෙන සිට සිතේ පැවති උපහාර උලෙළක් සංවිධානය කරන්නට හැකියාවක් ලැබුණි.  ගිහි ගෙයින් නික්මී මහණ දම්පුරන්නට ගත් තීරණයත් සමඟින් එයට පෙර මෙම කෘතගුණ උපහාර පින්කම පැවැත්විය යුතුයි යන තීරණය අනුව මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේදී මෙම පින්කම පවත්වන්නට යෙදුණි. බලාපොරොත්තු වූ අයුරින් චීවරයක් දරාගෙන මහණ දම් පුරන්නට අවස්ථාව ගිලිහී ගියත් මෙම පින්කම සාර්ථකව කරගන්නට ලැබීම සැබැවින්ම ආශිර්වාදයක්ම විය

සියලු විදුහල්පතීන් ඇතුලු ගුරුභවතුන් රැස්කරවා ඔවුන් ලවා මහා සංඝරත්නයට දන් දී තවත් බොහෝ ආකාරයේ පින් කරවා සත්ධර්ම ශ්‍රවණයටද අවස්ථාව සලසා දී අනන්ත සසර පුරාවට සහ සම්බන්ධ වූ සියලුම ගුරුභවතුන් සිහිපත් කර සිදුකල අතිසාර්ථක පින්කමේ අවස්ථා කීපයක් මෙසේ දක්වමි.