බොහෝ පිරිසක් බුදු දහම දුක ගැනමයි කතා කරන්නේ කියලා දොස් කියනවා. හැමතිස්සේම වයසට යෑම, ලෙඩ වීම, මරණය ආදී දෑ ගැනමයි කතා කරන්නේ කියලා කියනවා. ඒත් එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය තත්වයක් ලෙසින් භාර ගෙන සිටින මේ තත්වයන් විනිවිද දකින්නට තරම් ශක්තියක් අපට නැති නම්... හැම මොහොතකම අප මුහුණ දෙන මේ කියන තිත්ත ඇත්ත භාරගන්නට තරම් ශක්තියක් අපට නැතිනම්... බුදු දහමේ සැබෑවටම කතා කරන සැබෑම සතුට සැනසීම විමුක්තිය කියන කාරණා විමසන්නට තරම් ශක්තියක් අපට කෙසේ ලැබෙන්නද?
එදිනෙදා ජීවිතයේදී අත්දකින මේ නිමිති අපට මඟ හැරෙනවා නම්... එදිනෙදා ජීවිතයේ දී අපට දැකිය හැකි අපගේ යථාර්ථය දැක ගන්නට තරම් අප අදක්ෂයි නම්, බුදු දහමේ ඉගැන්වෙන ගැඹුරු වූ යථාර්ථය දරා ගැනීමට තරම් ශක්තියක් ඇති වේවි යැයි සිතීම හෝ එය දැක ගත හැකි යැයි සිතීම අනුවණකමක්මයි!
පිවිතුරු බුදු දහම යනු ලෙඩවීම, මහළු වීම, මරණය ආදිය පිළිබඳව කතා කරන්නක් නොවේ. එහෙත් ඒ පිවිතුරු බුදු දහම තමන් වෙතට ලැබ ගැනීමට තමන්ට එදිනෙදා අත්දකින්නට ලැබෙන මේ කියන තත්වයන් විමසා බලන්නට සිදු වෙනවා. මේ කියන මූලික සරල තත්වයක් භාරගන්නට තරම් ඔබගේ මනස ශක්තිමත් නැතිනම් බුදු දහමෙන් විවර කරන ගැඹුරු ඇත්ත හමුවේ ඔබ කෙසේ නම් සලිත වේවිද?
ලෙඩවීම, වයසට යෑම, මරණය ආදී මේවායේ මොනවද විමසන්නට තියෙන්නේ කියලා සමහරවිට ඔබට හිතේවි. අපි බලමු... ඇත්තටම විමසන්නට දෙයක් තියෙනවාද කියලා... මතක තියාගන්න මේ බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම නොවේ. අති දුලභ පෙර නොඇසූ විරූ තථාගත සත්ධර්මය නොවේ. මෙය ප්‍රඥාවන්තයා දකින ජීවිතයේ යථාර්ථයක්. මෙය විමුක්තිකාමී චින්තනය සකස් වීම පිණිස ප්‍රඥාවන්තයාට ලැබෙන නිමිත්තක්. ඒ නිමිත්ත නුවණින් දකින්නා විමුක්තියක් සොයනවා. එය එක එක දෘෂ්ටි සහිත විවිධ වූ දර්ශන හරහා වෙන්නට පුළුවන්. නමුත් බුද්ධ ශාසනයක් පවතින කාලයක දී මේ චින්තනය ඇති වාසනාවන්තයාට අති දුලභ බුදු දහම ලැබෙනවා. ඒ තුලින් අතරමං නොවී සැබෑ විමුක්තිය පිණිස මඟ පෑදෙනවා!
ඉතින්, අප මේ ලබාගන්නේ ආරම්භයක් පමණයි... සැබෑ බුදු දහම පෙර නොඇසූ විරූ දහමකින්ම සමන්විත යටිකුරු වූ දෑ උඩුකර කරන්නට සමත් දහමක්! සැබෑම සතුට සැනසීම විමුක්තියක්ම ලබා දෙන දහමක්! තමන්ගේම ගැලවුම්කාරයා විය හැකි බව අත්දැකගන්නට හැකි දහමක්!
සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක් ලෙසින් “වයසට යෑම” ගත හැකියි. මනුස්සයෙක් වුණත්... තිරිසන් සතෙක් වුණත්... කෙටියෙන්...
ලෙඩ වීම කියන්නේ සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක්. එයට වයස් භේදයක් නෑ. කොතරම් නිරෝගී ජීවිතයක් ගත කරන්නට උත්සාහ කලත්...
මරණය කියන්නේ නැවතත් සියලු සත්වයින්ට පොදු ධර්මතාවයක් ලෙසින් ගත හැකියි. මනුස්සයෙක් වුණත්... තිරිසන් සතෙක් වුණත්......
ඔබට ඔබේ ජීවිතයේ ප්‍රියයන් කොතරම් ඉන්නවද? පුද්ගලයන් වේවා... සතුන් වේවා... ජීවි වේවා අජීවි වේවා... ඔබ කොතරම් ප්‍රිය...
අප කොතරම් මඟ හරින්නට උත්සාහ කලත් අපට අප්‍රියයන් හා එක්වීමට සිදු වෙනවා. අප්‍රිය කරන පුද්ගලයෙක් වශයෙන් වේවා... තරහ...
උපන් මොහොතේ පටන් ගෙන මරණ මොහොත දක්වා අප කැමති දේ තමයි සොයන්නේ. අපට සියල්ල ම අපට කැමති සේ ඕනෑ කරනවා. එහෙම නේද?...
දැන් මේ කියන කාරණය නුවණින් ගැඹුරින් දකින්නට උත්සාහ කරන්නකෝ. ඔබ වඩාත් ආදරය කරන... ඔබ වඩාත් ආදරයෙන් ලඟින් ම සලකන......
දැන් ඔබගේ මුතුන් මිත්තන් ගැන සිතන්න... අම්මා... තාත්තා... ආච්චි... සීයා... එයාලට කලින් පරපුර... ඔබ දැන ගෙන සිටි...
මහල්ලෙක්... ලෙඩෙක්... මල මිනියක්... පැවිදි රුවක්... මේ දේවල් ගැන ඕනෑ තරම් අහලා ඇති නේද? බුදු දහමේ කියැවෙන “සතර පෙර...
“හට ගත් සෑම දෙයක ම විපරිණාමය නුවණින් දකින තැනැත්තා, මේ අසාරවත් මුලා සහගත සංසාර පැවැත්ම නමැති උගුලට හසු වී ප්‍රමාද...