දැන් එහෙනම් මේ සතර පෙර නිමිති තුල ගැඹුර සහ එය විමුක්තිය පිණිස කෙසේ සම්බන්ධ වන්නේ ද යන්න ගැන අනුමාන හෝ වැටහීමක් ලැබෙන්නට ඇති නේද?
තවත් ආකාරයකින් කියනවා නම් සම්මා සම්බුද්ධ ශාසනයක මාර්ග ඵල ලැබීම පිණිස මේ සතර පෙර නිමිති දැක අවබෝධයෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා. එය එසේ නොවී ම තුල ගැඹුරු පෙර නො ඇසූ විරූ දහමක් වෙනුවට දන්නා මතුපිට වූ සරල සම්මත ඇත්ත සහිත දහමක් ඉස්මතු වී දකිනවා. එයම බුදු දහම සේ දැනෙනවා.
ඉතින්, මොහොතක් කැප කර බලන්න ඔබ යැපෙන්නේ ඇහැට පෙනෙන රූප, කණට ඇහෙන ශබ්ද, නාසය දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ සහ මේ ඔක්කෝම එකතුව මන ට දැනෙන ධම්ම හෙවත් සිත වින්දනය කරන විඳින අවස්ථා එකතුව මත පමණයි නේද?
ඔබට ඇත්ත ම ඇත්ත කියලා හිතෙන්නේ ම මේ පෙනෙන, ඇහෙන, දැනෙන, විඳින මට්ටමේ සම්මත කර ගත් කාරණා පමණයි නේද?
මහල්ලෙක්, ලෙඩෙක්, මල මිනියක්, පැවිදි රුවක් කියන කාරණා පවා බාහිරයෙන් ඉතාමත් පහසුවෙන් වටහා ගන්නට හැකි මට්ටමෙන් ඇත්ත කියලා දැනෙන මට්ටමෙන් තමයි විග්‍රහ කර ගන්නේ නේද?
නමුත්, තමන්ගේ ජීවිතය ම.... මෙච්චර කාලයක් ඇත්ත කියලා හිතා ගෙන සිතින් කයින් මහන්සියෙන් කැප වෙලා පවත්වා ගෙන ගියේ අමු පට්ට පල් බොරුවක් නම්? ගඟට ඉනි කැපුවා වගේ වැඩක් නම් වෙන්නේ? ඔබට මොකද හිතෙන්නේ?
ඔය ලැබී ඇති ජීවිතයෙන් සත්තුත් කරන දේම කර කර ඉතාමත් සරල වින්දනයකට සීමා වෙලා සංකීර්ණ බොරුවක් සරල ඇත්තක් සේ භාර ගෙන අන්ත අසරණ වෙලා ඉන්නවට වඩා උතුම් වූ අර්ථවත් දෙයක් කරන්නට කැමති නම් විමසන්න... නැණවත් ව විමසන්න! සතර පෙර නිමිති දැකීම පිණිස මානසිකත්වය සකස් කර ගෙන බලන්න නිමිති දුටු විට ඔබගේ ජීවිතයට අර්ථයක් ලැබෙන ආකාරය කොහොමද කියලා!
ඉතින් ප්‍රශ්නය තමයි උත්තරයට වඩා වැදගත්. ඔබගේ ප්‍රශ්නය අවංක නම් ඒ ප්‍රශ්නය විසින් ඔබව නිවැරදි උත්තරය කරා ගෙන යනවා. ඒ නිසා උත්තර හොයන්න කලින් ප්‍රශ්නය හරියට තේරුම් ගන්නට නුවණ මෙහෙයවීම වැදගත්!
එහෙනම් ඉතින් නිර්වාණ ධර්ම වෙබ් අඩවිය සමඟ රැඳී සිටිමින් මේ අර්ථවත් ජීවිතයක් පිණිස ගත හැකි දේ උකහා ගන්න!
පෙර පිටුවට
පැවිදි රුව නම් වූ හතර වන නිමිත්ත දකිමු
පෙර පිටුවට
පැවිදි රුව නම් වූ හතර වන නිමිත්ත දකිමු