සත්ධර්මය දේශනයේදී කටයුතු

සම්බුදු ඔවදනට අනුව සත්ධර්මය දේශනා කිරීමේදී සැළකිය යුතු කරුණු!

උතුම් තථාගත ශ්‍රී සත්ධර්මය විවර වූයේම බබළන බව සදහම් කැමත්තන්ට නම් නොරහසකි.  ඒ නිසාම මේ උතුම් සත්ධර්මය නොයෙක් ආකාරයෙන් පිරිස අතර බෙදාගන්නට කටයුතු කරන පිරිසද බොහෝමයි.  ඒ අතර මේ ධර්මය දේශනා කරන පිරිසද බොහෝමයි.  එහෙත් උතුම් සත්ධර්මය දේශනා කරන්නට මත්තෙන්, ඒ කාරණය සම්බන්ධව සම්බුදු ඔවදන දැනගෙන සිටීම ඉතාමත් වැදගත් වෙනවා. 

එසේ, සත්ධර්මය දේශනා කිරීමේදී තිබිය යුතු ගුණාංගයන්, අනුගමනය කල යුතු පිළිවෙල නොදන්නාකම නිසාමත්, සොයා බලා කටයුතු කරන්නට තරම් වුවමනාවක් ඇති නොකරගන්නා වගකීමකින් තොරව කටයුතු කරන පුද්ගලයෙකු බවට තම තමන් පත්වී ඇති නිසාමත්, ඒ උතුම් සම්බුදු ඔවදනට ගරු නොකොට තම තමන්ගේ හිතුවක්කාර මතයන්ට අනුව සත්ධර්මය දේශනා කරන්නට යෙදෙනවා.  එයින් තමන්ට පමණක් නොවේඅසාගන්නා පෙනෙන නොපෙනෙන බොහෝ සත්ව පිරිසකට අයහපතක්ම සිදුවෙනවා. 

අන්න ඒ නිසාම, ඔබටත් සත්ධර්මය දේශනා කරන්නෙක් වීමේ අවශ්‍යතාවය ඇතිනම්... ලෝක සත්වයාගේ හිත සුව පිණිස තථාගත ධර්මය වචනයකින් හෝ බෙදාගන්නට අවශ්‍යතාවයක්කැමැත්තක් වේ නම්, අංවකවම තෙරුවණට ගරු කරනවා යැයි දැනෙනවා නම්, මේ විග්‍රහයන් ඇසුරු කොට සම්බුදු දහම දේශනා කරන විටදී සැළකිය යුතු කරුණු සම්බන්ධයෙන් සම්බුදු ඔවදන හැඳිනගන්න!  සම්බුදු ඔවදනට ගරු කොට සත්ධර්මය දේශනා කරන්නටඅනුන් හා බෙදාගන්නට කටයුතු කරන්න!  

මන්ද යත්, මේ ලෝකයේ යථාර්ථය අවබෝධයෙන් යුතුව එය අවබෝධ කරගන්නට දරන උත්සාහයේදී ඇතිවිය හැකි නොයෙක් ආකාරයේ ඵල විපාකත් හැඳිනගත්තාවූ, මහා ඥානයකින් යුතු සම්මා සම්බුදුරජාණන්වහන්සේම මේ සත්ධර්මයේ මහා මූල දේශකයාණන්වහන්සේමයි!

ඒ නිසා මේ සත්ධර්මය හිතූ හිතූ සේ යොදාගෙන තවත් ජීවිත ගණනාවක් සමඟ සෙල්ලම් කිරීමට ඔබටවත් මටවත් යුතු ක්‍රියාවක් නොවේ! 

ඒ නිසාම, සම්බුදු ඔවදනට ගරු කරන්නට සිත් පහදවාගෙන මේ දහම් විග්‍රහයන් තුලින් ගත යුතු උපරිමය ගෙන තමන්ටද අනුන්ටද යහපතක්ම ඉටු වන සේ කටයුතු සිදුකරගනිත්වා!

(සැ.යු: මෙහිදී ත්‍රිපිටක සත්ධර්මය තුල පෙන්වා දෙන කාරණා ගැබ්වන පරිදි මා විසින් සටහන් තබන ලද ලිපි එකතුවක්ද ඇතුලත් කරන්නේ ගත හැකි යමක් වේ නම් යහපත උදාකරගැනීම පිණිසමයි!  එයට අමතරව සූත්‍ර දේශනා ඇසුරෙන් මේ මාතෘකාවට අදාල දහම් කොටස් මෙහි ගොනු කරන්නට අවස්ථාව ලැබෙන පරිදි කටයුතු කරන්නෙමි.  සියලු වෑයම් බොහෝ සිත් සතන් නිවාලීම පිණිසම හේතු උපකාරවෙත්වා!!!)