ගිලන්ව සිටියත් මුල්තැන දහමට

  18 නොවැම්බර් 2015

සත්ධර්මයේ කායික නීරෝගීබව පිළිබඳව බොහෝම වැදගත් ප්‍රකාශයන් තියෙනවා.  කායික නීරෝගීබව පතමින් අසහනයට පත්ව සිටින්නාවූ ඔබට ඒ තුලින් සිතන්නට යමක් ජීවිතයට එකතු වේවි.

සත්ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයට පත්වූ නකුල මාතා, නකුල පිතා, අනාථ පිණ්ඩික සිටුතුමා වැනි චරිත සුලභව අප ධර්මය තුලින් අසන්නට ලැබෙනවා.  නකුල පිතු සහ අනාථ පිණ්ඩික සිටුතුමා කියන්නේ බොහෝම රෝගී වී සිට මරණයට පත්වූ දෙදෙනෙක්. 

ඒ අය තමන්ගේ කායික රෝගයන්ට බෙහෙත් කරගත්තා තමයි.  එහෙත් එයට වඩා මුල්තැන දුන්නේ තමන්ගේ සිත දියුණු කරගන්න වැඩිපිළිවෙලටයි.  අන්න ඒ නිසාම කොතරම් ගිලන්ව සිටියත්, අධික වේදනාවකින් පසුවුවත් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයට තමයි ඒ අය මුල් තැන දුන්නේ.

නකුල පිතු වගේම අනාථ පිණ්ඩික සිටුතුමාත් බුදු හිමියන් විසින් පෙන්වා දුන්නාවූ ධර්ම කොටස් සැරියුත් මහ රහතන්වහන්සේගෙන් සරලව අසා දැනගන්නට කටයුතු සලසා ගත්ත පුද්ගලයන් දෙදෙනෙක්.