තණ්හාව රෝගයකි!

  18 නොවැම්බර් 2015

රූප හමුවේ... ශබ්ද හමුවේ... ගන්ධ හමුවේ... රස හමුවේ... ස්පර්ශ හමුවේ... තැන තැන හා වීමම රෝගයක් නොවේද?  මේ හා වීම තුල... එකතුවීම තුල... කොයින්ද සැනසීමක්? 

තණ්හාව යැයි ගත් විට බොහෝ දෙනෙකුට සිහිපත් වෙන්නේ මුදලට ඇති තණ්හාව, වස්තුවට ඇති තණ්හාව ආදිය පමණයි. 

එහෙත් තණ්හා බැඳීම කියන්නේ එයින් බොහෝම ගැඹුරට විහිදුන අතිසියුම් බැඳීමක්.  ඔබ රූපයක් දකින මොහොතක් පාසා, ශබ්දයක් අහන මොහොතක් පාසා, ගන්ධ, රස, ස්පර්ශ විඳින මොහොතක් පාසා මේ තණ්හාව ක්‍රියාත්මක වනවා. 

කෙටියෙන් කියනවා නම් කායික නීරෝගීබව පතමින් අනවශ්‍ය ලෙසින් අධික ලෙසින් වෙහෙසකර වැඩපිළිවෙලක යෙදෙමින් මොහොතක් හෝ මරණය කල්දමා ගැනීමට වෙහෙසවන මොහොතක් පාසා ක්‍රියාත්මක වන්නේත් තණ්හාවමයි. 

"අනේ මම ලෙඩ වෙලා... මට මේ රෝගය තියෙනවා" යැයි කම්පා වෙමින් අසහනයට පත්වෙන මොහොතක් පාසා ක්‍රියාත්මක වන්නේත් ඒ තණ්හාව නැමැති සියුම් බැඳීමමයි. 

අන්න ඒ නිසා තණ්හාව නිසි ලෙසින් හඳුනාගැනීම ඉතාමත් වැදගත් වෙනවා.  තණ්හාව විස්තර කරන්නට මම මේ සටහන යොදා ගන්නේ නැතිවුණත් තණ්හාවේ ක්‍රියාවලිය මේ සටහන තුල ඕනෑ තරම් සටහන් වී තිබෙනවා.