තුනට බෙදූ ක්‍රමවේදය

  11 දෙසැම්බර් 2022

Article summary

ලෝකයේ දැනට ප්‍රකට විස්තර වලට අනුව නම් ඇත්ත වර්ග දෙකක් විදියට තමයි නම් කර බෙදා විග්‍රහ කරන්නේ. ඒ තමයි “සාපේක්ෂ ඇත්ත (Relative truth / Conventional truth)” සහ “පරමාර්ථ ඇත්ත (The Absolute truth)”.

ඉතින්, මේ විදියට “සාපේක්ෂ ඇත්ත (Relative truth / Conventional truth)” සහ “පරමාර්ථ ඇත්ත (The Absolute truth)” ලෙසින් දෙකකට බෙදූ විට “පරමාර්ථ ඇත්ත” කියන්නේ “බුදු දහමේ ඉගැන්වීම” කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. 

නමුත්, මෙසේ වර්ග කිරීම් දෙකකට පමණක් සීමා වුනා ම බුදු දහමේ පමණක් මතු කරන අති සුවිශේෂී වූ ආර්ය සත්‍ය හෙවත් පරම සත්‍යය ගැන වටහා ගැනීමට තරමක් අපහසු වෙන නිසා තමයි මා විසින් බොහෝ විට වර්ග 3කට බෙදා විස්තර කරන්නේ.  කලිනුත් කිව්ව වගේ මේ මට්ටම් වල වෙනස ගැන අදහසක් හෝ ලබා ගැනීමේ පහසුව පිණිසයි.

අපගේ බෙදීමට අනුව;

  1. සාපේක්ෂ සත්‍ය හෙවත් සාමාන්‍ය සම්මත ඇත්ත

  2. නිරපේක්ෂ සත්‍ය හෙවත් පරමාර්ථ සත්‍ය

  3. ආර්ය සත්‍යහෙවත් පෙර නො ඇසූ විරූ පරම සත්‍ය

මෙසේ සත්‍ය 3ක් ලෙසින් බෙදා වෙන් කලේ කුමන කාරණා පදනම් කර ගෙන දැයි  ඉතාමත් කෙටියෙන් විග්‍රහ කර දෙනවා නම් මෙසේයි;