වීඩියෝව නරඹන්න

  11 දෙසැම්බර් 2022

Article summary

මුලින් ම වීඩියෝව නරඹන්නට කටයුතු කරමු. සිංහල බසින් ලබා දෙන්නට නො හැකි වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිමි.

මේ තියෙන්නේ ඒ වීඩියෝව නරඹන්නට හැකි යොමුවක්.

ඔවුන් විසින් ඒ සඳහා ලබා දුන් හැඳින්වීම ඉතාමත් රසවත් නිසා එය ද මුලින් ම දක්වන්නට මම මෙතැන දී කටයුතු කරන්නම්. 

“ඔබේ ඇස් සහ කන් ඔබට ඇත්ත කියන්නේ නැහැ. ඒ දේවල් හැදිලා තියෙන්නේ ඒ සඳහා නොවේ. මේ කියන පංච ඉන්ද්‍රියයන් පරිණාමය වෙලා තියෙන්නේ ලෝකයේ පැවැත්මට සහ ඒ පැවැත්ම සාර්ථක කර ගැනීමට අපට හැකි වන පරිදි මිස යථාර්ථය නිවැරදිව නිරූපණය කිරීමට නොවේ. දැන්, ප්‍රථම වතාවට, විද්‍යාව තුලින් ඉන්ද්‍රියයන් ට තොරතුරු ලැබෙන්නේ කෙසේ ද? ඒ ලැබෙන තොරතුරු සකස් කර මොළයට ලබා දෙන ආකාරය හරියටම හෙළි කරයි.  එයින් අපි ලෝකය අප දැනට සිදු කරන ආකාරයට අත්විඳින්නේ ඇයි සහ අනාගතයට එය කෙබඳු විය හැකි ද යන්න පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙයි. සමහර විට, අනාගතයේ දී අපට අධෝරක්ත කිරණ දැකීමට හෝ චුම්බක ක්ෂේත්‍රයේ උතුර දැනෙන්නට හැකි තාක්ෂණයක් සකස් කරන්නට මේ සොයා ගැනීම් උපකාර වේවි. එසේ නම් යථාර්ථයේ සැබෑ ස්වභාවය සෙවීමේ දී අප අත්විඳින සෑම දෙයකට ම අභියෝග කරමින් ඇස, කණ, දිව, නාසය සහ කය විවර කරන වික්‍රමය සඳහා විශිෂ්ට ස්නායු විද්‍යාඥයින් සහ දාර්ශනිකයන් කණ්ඩායමක් හා එක් වන්න”.

එම හමුවේ වැඩි විස්තර මෙම යොමුවෙන් ලබා ගත හැකිය.

https://www.worldsciencefestival.com/programs/the-reality-of-reality-a-tale-of-five-senses/

හොඳයි, එහෙනම් දැන් මෙම කාරණා ඔස්සේ මේ ලිපිය තුලින් අප ලබා දෙන්නට උත්සාහ දරන පණිවිඩයට යොමු වෙමු.