සමාව දීම

ජනවාරි 2018 කතු වැකිය

සමාව දීම

සටහනේ අන්තර්ගතය

බොහෝ දෙනෙකුට අදහස පවා තෝරාගන්නට අපහසු... සිදු කරන්නට අපහසු කටයුත්තක් තමයි “සමාව දීම”. එහෙත් එහි අරුත තෝරාගන්නට බොහෝම අපූරු උපමාවක් අන්තර්ජාලයෙන් ලැබුණා. බෙදාගැනීම වැදගත් යැයි සිතුණ නිසාම මෙසේ පිටුවක් වෙන් කරන්නෙමි.

"සමාව දීම යනු කුමක්ද?" කෙනෙකු ඇසූ විට...

පුංචි දරුවෙක් මෙන්න මෙහෙම අපූරු පිලිතුරක් දුන්නා...

"සමාව දීම යනු; ඵල ඇති ගසකට ගලකින් ගැසූ විට තමන්ට රිදුනත් ඒ ගස විසින් ගල් ගසන්නා හට ලබාදෙන ඵලය වගෙයි"

ජීවිතය සංකීර්ණ නොකරගන්නට හැකි නම් උත්සාහවන්තවන්ත... සරලව පුංචි දරුවෙක් වගේ හිතුවොත් බොහෝ දෑ සාර්ථකව මෙන්ම තමන්ටත් තව බොහෝ පිරිසකටත් යහපතක්ම ගෙන දෙන අයුරින් කටයුතු කරන්නටත් හැකිවේවි!

පුංචි දරුවෙක් වගේ සිතීමත් මහා අපහසු කාර්යයක් යැයි සිතෙනවා නම් ඔබත් ඔබගේ ජීවිත කාලය තුල කුඩා දරුවෙක්ව ජීවත් වූ බව සිහිපත් කරගන්න... 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා