තමන් තුලින් දකිමු!

ඔක්තෝබර් 2016 කතු වැකිය

තමන් තුලින් දකිමු!

සටහනේ අන්තර්ගතය

නිවීම පිණිස අප්‍රමාදීභාවය පිණිස දහම් අදහස් ගොනු වූ තවත් කතු වැකියකි.

බුද්ධ ශාසනයක් අති දුර්ලභව ලැබෙන්නක්...

ඒ ශාසනය තුල මිනිසත් බවත් අති දුර්ලභව ලැබෙන්නක්...

ඒ මිනිසත් බව ලැබ කළණ මිතුරත් ලැබීමත් දුර්ලභ වූවක්...

ඒ ලැබූ දෑ තුල සත්දහමක් ඇසුරු කරන්නට ලැබීමත් අති දුර්ලභ වූවක්...

මෙතරම් වාසනාවන්ත වෙලා...

මෙතරම් දුර්ලභ අවස්ථාවක් ලැබිලා...

එකිනෙකාගේ අඩුපාඩු සොයමින්... මාන්නයෙන් ගැටෙමින්...

අනුන් පහත හෙලමින්... දේශනාවේ අඩුපාඩු සොයමින්...

කරන කරන දෑහි... කියන කියනා දෑහි අඩුපාඩු සොයමින්...

කෙලෙස් ගංගාවට හසුව ඔහේ පාවී යන්නට ඉඩ දීම...

ඇත්තටම වටිනවද?

ධර්මය නිසාවෙන් හෝ ඇයි මේ ඇලීම්...

ධර්මය නිසාවෙන් හෝ ඇයි මේ ගැටීම්...

මේ තුල ගැබ්වන මුලාවම දැකිය යුතු නොවේද?

වරද දකින්න... තමන් තුල පවතින රාගයෙහි...අංශු මාත්‍ර හෝ ඇලීමෙහි...

වරද දකින්න... තමන් තුල පවතින ද්වේශයෙහි... අංශු මාත්‍ර හෝ ගැටීමෙහි...

වරද දකින්න... තමන් තුල පවතින මෝහයෙහි... අංශු මාත්‍ර හෝ මුලාවෙහි...

අනුන් දැක දැකිය හැකි නිවනක් නැත...

තමන් දැක දැකිය හැකි නිවනක් ඇත...

අනුන් අවබෝධයෙන් දැකිය හැකි නිවනක් නැත..

තමන් අවබෝධයෙන් දැකිය හැකි නිවනක් ඇත...

එසේ නම් ඇයි මේ කාලය නිකරුණේ වැය කර අනුන් දකින්නේ?

එසේ නම් ඇයි මේ කාලය නිකරුණේ වැය කර අනුන් සමඟ ගැටෙන්නේ?

අසන්න තමන්ගෙන්ම...

තමන් දකින පමණින් අත්දකිනා සත්‍යයක්ම වේ...

ඒ කටයුත්ත තුල අන් අයටද අනතුර හැඟවීමක් කරනා පමණින් නතර වීම තමන්ගේ යුතුකම වේ...

යුතුකම පමණක් ඉටු කරලමින් නිවනට පත්වීම ප්‍රඥාවන්තයාගේ වැඩපිළිවෙල වේ!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා