මූණේ කැළල්... සිත නිකැළැල්!

ජූලි 2021 කතු වැකිය

මූණේ කැළල්... සිත නිකැළැල්!

සටහනේ අන්තර්ගතය

කණ්ණාඩියෙන් මූණ බල බල මූණේ කැළල් තියෙනවද? කුණු තියෙනවද කියලා බලනවා නේද? පුංචි දරුවෙක් වුනත්.. කාන්තාවක් වුනත්... පුරුෂයෙක් වුනත්... මේ දේ කරනවා නේද? මූණේ ඉතින් මොනවා හරි කුණු ටිකක්... පැල්ලමක්... තිබුණොත් ඒක නැති කර ගන්න බොහෝම වෙහෙස මහන්සි වෙනවා නේද? මූණ බලන කොට පැල්ලම්... කුණු එහෙම මූණේ නැත්නම් සතුටුයි නේද? එහෙම මූණක් තියා ගන්න නේද උපරිමයෙන් උත්සාහ කරන්නේ?

ඉතින් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේත් මේ උපමාව බොහෝ අවස්ථා වල දී පෙන්වා දෙමින් මෙන්න මේ වගේ කැපවීමෙන් යුතුව දහම් මඟ දියුණුවක් ලබන්නේ කොහොමද කියලා පෙන්නලා දෙනවා. 

දවසක් අපේ සැරියුත් මහ රහතන් වහන්සේ ව හමු වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් “පිරිහෙන දහම් දරන පුද්ගලයා... පිරිහෙන දහම් දරන පුද්ගලයා... කියලා කියනවා කව්ද මේ පිරිහෙන දහම් දරන පුද්ගලයා?” කියලා අහනවා.

ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - දසක නිපාතය - සචිත්ත වර්ගය - 5. පරිහාන සූත්‍රය

උතුම් සැරියුත් මහ රහතන් වහන්සේ පවසනවා, අපේ සම්මා සම්බුදු හිමියන් මෙන්න මේ කාරණා දරා ගෙන ඉන්න පුද්ගලයාට තමයි “පිරිහෙන දහම් දරන පුද්ගලයෙක්” කියලා කියන්නේ කියලා.

  1. අසා ගත යුතු පෙර නො ඇසූ විරූ තථාගත ශ්‍රී සත්ධර්මය අසන්නේ නෑ.

  2. අසා ගත්ත යම් දහමක් වේ නම් එහි ත් අසිහියට පත් වෙනවා. ඒවා සිහි වෙන්නෙත් නෑ.

  3. සිතේ පෙර හට ගත්ත යම් අසා ගත් ධර්මයක් වේ නම් එයත් පුහුණු කලේ නැති නිසා, නිතර ඇසුරු කලේ නැති නිසා නැවත ඒ දහම් හට ගන්නේ නැතිව යනවා.

  4. පෙර අසා ගන්නට නොහැකි වූ අවබෝධ කර ගන්නට නොහැකි වූ යම් පෙර නො ඇසූ විරූ දහමක් වේ නම් එයත් අවබෝධ කර ගැනීමට නොහැකි වෙනවා.

මෙන්න මේ කාරණා තියෙනවා නම් “පිරිහෙන දහම් දරන පුද්ගලයෙක්” කියලා කියනවා.  එහෙනම් පිරිහෙන දහම් නො දරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට මොනවද කරන්න ඕන.  ඒ ගැනත් අපේ උතුම් සැරියුත් මහ රහතන් වහන්සේ මෙතැනදි පෙන්වා දෙනවා. පිරිහෙන දහම් දරන පුද්ගලයෙක් නො වීමට නම් ඔබට තමන්ගේ ම සිත ගැන... තමන්ගේ කුසලතාවය ගැන නිරන්තරයෙන් පරික්ෂාවක් කරන්නට සිද්ධ වෙනවා කියලා කියනවා. 

මෙතැන දි තමයි අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බොහෝ අවස්ථා වල දී උපමාවට ගත්, අපි මුලින් ම කිව්ව මුහුණේ කුණු... කැළල් පරික්ෂා කරන උපමාව පෙන්වා දෙන්නේ. 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

එහෙනම් කණ්ණාඩියෙන් මූණ බල බල මූණේ කැත කුණු කැළල් සුද්ධ කර කර හිටියාට විතරක් මදි සිත කුණු වෙලා නම්අභ්‍යන්තරය කැළල් පිරිලා නම් තමන්ටත් අනුන්ටත් යහපතක් නෑ.  පිරිහීමක් විතරමයි.  එහෙනම් මූණ බල බල සුද්ධ කර ගන්නවා වගේ තමන්ගේ මේ අභ්‍යන්තරයත් නිරන්තරයෙන් පරික්ෂා කරන්න වෙනවා.  තමන්ගේ කුසලතාවය බලන්න වෙනවා.  තමන් තුල වැඩෙන කුසල් දහම් පරික්ෂා කරන්නට ඕන.  ඒ පරීක්ෂණය මොකක් ද කියලා ඊළඟ කතු වැකියෙන් අපි විමසා බලමු!

මූණේ කැළල් තිබ්බත් කමක් නෑ ඔන්න... සිත නිකැළැල් කර ගන්න වැඩ පිළිවෙළට බැස ගන්නට ඕන හොඳේ!  තෙරුවන් සරණින් නිවනම වෙත්වා! 

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා