මඟ හැරෙන අවස්ථාව

දෙසැම්බර් 2019 කතු වැකිය

මඟ හැරෙන අවස්ථාව

සටහනේ අන්තර්ගතය

මොහොතක් පාසා අප සෑම දෙනෙක්ම අත්දකින්නේ යම් කිසි අවස්ථාවකට. නැඟිට සිටින අවස්ථාව... හිදගෙන සිටින අවස්ථාව... කෑම කන අවස්ථාව... ඇවිදින අවස්ථාව... මේ වගේ මේ සෑම අවස්ථාවකටම අපි නමක් දෙනවා... මොකද ඒවා නිකම්ම නිකම් අවස්ථාවන් සමූහයක් වූ කල අපට විදින්නට... විදවන්නට යමක් නැතිවා හැඩයි....

නුවණින් දකින්න...

සෑම දෙයක්ම අවස්ථා සමූහයක් විතරමයි නේද?

ඒ සෑම අවස්ථාවක්ම මොහොතින් මොහොත ගෙවි ගෙවීත් යනවා...

මුලා සහගත මනස කරන්නේම මේ අවස්ථාවන් නම් කරගන්නවා...

විග්‍රහ කරගන්නවා...

විටක ඒ අවස්ථාව හොඳ අවස්ථාවක්... විටක නරක අවස්ථාවක්...

විටක සුව අවස්ථාව... විටක දුක අවස්ථාව...

විටක ඒ අවස්ථාව ප්‍රශ්ණයක් ලෙසට නම් කරගන්නවා...

විටක ඒ අවස්ථාවක් විසඳුමක් ලෙස නම් කෙරෙනවා...

නමක් ලබා දී විග්‍රහ කරගන්නට තරම් කාලයක්වත් මේ අවස්ථාව තුල ඇත්තටම තියෙනවද?

ඒත් අප ඒ අවස්ථාව විග්‍රහ කරගනිමින් ඒ මත පිහිටනවා...

අවස්තාව තුල නමක් දී පිහිටන අපට එය එක් අවස්ථාවක් පමණක්ම බවත් අමතක වෙනවා...

අවස්ථාවක් ලෙසින් විග්‍රහ කරගන්නටත් නොහැකි... නම් කල නොහැකි අවස්ථාවක්ම පමණයි...

මෝඩකමක තරම වැටහෙනවද..?

මේ සිද්ධිය නුවණින් දැක ගන්න...

ඒ ඒ අවස්ථාවට ඒ ඒ මොහොතේ මුහුණ දෙන්නට එවිට හැකිවෙනවා...

හොඳ අවස්ථා... නරක අවස්ථාව... සුව අවස්ථා... දුක අවස්ථා නොසොයා...

ලැබෙන අවස්ථාව ලැබෙන අයුරින්ම භාරගන්නට හැකිවෙනවා...

ඒ අවස්ථාවන් ප්‍රශ්න ලෙසින් විසඳුම් ලෙසින් නම් කර විග්‍රහ කරන මොහොතක් පාසා

ඒ ඒ අවස්ථා ප්‍රශ්ණයක් වන බවට නුවණින් දැකගන්නට හැකිවෙනවා...

අවස්ථා සමූහයක් ජීවිතය කර ගත්තෙ මුලා සහගත මනමයි...

තවත් විදියකට මන කියන්නේම මේ අවස්ථා සමූහය සජීවී කරණය කරන ක්‍රියාවලියමයි...

ඒත් අප කොච්චර රැවටිලාද...

මේ අවස්ථාවන් “මම” වෙලා... මේ අවස්ථාවන් “මගේ” වෙලා...

මේ අවස්ථාවන් “මගේ ජීවිතයම” වෙලා...

අවස්ථාව මනින්නේ යම්සේද ඒ ආකාරයෙන් අවස්ථාව විග්‍රහ වෙනවා...

ඒ විග්‍රහය ඒ ක්ෂණයේම ඇත්තක් බවට පත්වෙනවා...

“මම” බවට... “මගේ” බවට... “මගේ ජීවිතයම” බවට පත්වෙනවා...

දකින අවස්ථාව ඉක්මවා... දකින අවස්ථාව මත පිහිටා...

දකින යමක් සහ දකින මම සකස් වෙනවා...

ඇහෙන අවස්ථාව ඉක්මවා... ඇහෙන අවස්ථාව මත පිහිටා...

ඇහෙන යමක් සහ අහන මම සකස් වෙනවා...

දැනෙන අවස්ථාව ඉක්මවා... දැනෙන අවස්ථාව මත පිහිටා...

දැනෙන යමක් සහ දැනෙන මම සකස් වෙනවා...

විඳින අවස්ථාව ඉක්මවා... විඳින අවස්ථාව මත පිහිටා...

විඳින යමක් සහ විඳින්නෙක් හෙවත් විඳින මම සකස් වෙනවා...

මාත්‍රය ඉක්ම වෙන්නේ අවස්ථාවක් බවට පත්වෙලයි...

අවස්ථාව ඉක්ම වෙන්නේ පෙනීමක්... ඇසීමක්... දැනීමක්... විඳීමක්... බවට පත්වෙලයි...

මොහොතක් පාසා ඉන්න බවක් දනවන ක්‍රියාවලියෙන් මැනෙන්නේම ඇති නැති බවක්මයි...

ප්‍රඥාව අවදි විය යුතුයි...

අවස්ථාවන් විග්‍රහ වන නම් කරන වැඩපිලිවෙල නුවණින් දැකිය යුතුයි...

සිහියට අන්න එවිට පත්විය හැකියි...

සතිය පෙරටු වූ විට අවස්ථාව... අවස්ථාවක්ම පමණයි...

ඇලෙන්නට ගැටෙන්නට හේතු නැති අවස්ථාවක්ම පමණයි...

සිහියෙන් නුවණින් පිරුණු... නොපිහිටා විමුක්ත වූ නිරාමිස සුවය එතැනයි!!!

අත්දැකගන්නට තෙරුවණේ උපරිම රැකවරණය සියලු සත වෙත ලැබේවා!!!

රජිතා විදුරන්සි | කැළණිය, ශ්‍රි ලංකා