කරුණාව...

සියලු දුකෙන් නිදහස් වීම පිණිස එකිනෙකා වෙත ලබාදෙන්නාවූ සහාය නම් වූ උතුම් ගුණයයි... හදවත කරුණාවෙන් පිරී ගිය විට බොහෝ ගැටලු අතුරුදන් වී යයි... කරුණාවෙන් මෛත්‍රියෙන් තොරවූ සිත් සතන් නිසාවෙන් තමන්ටත් අනුන්ටත් සිදුවන්නේ අයහපතක්මයි... නිවැරදිව කරුණා ගුණය හඳුනාගන්නට නිර්වාණ ධර්ම ඇසුර ලැබගන්න...

කරුණාවේ පියාපත

නිවන් මාර්ගය යනු ප්‍රඥාවත් කරුණාවත් සමබරව යෙදෙන්නකි... කරුණාවෙන් තොරව ප්‍රඥාවත්... ප්‍රඥාවෙන් තොරවූ කරුණාවක් නොමැති බව කිව යුතුමය... කරුණාවේ පියාපත ශක්තිමත් වීම කොතරම් වටිනේදැයි දැන හඳුනාගැනීම පිණිස ඇසුරු කල හැකි ධර්ම එකතුවකින් මෙම කොටස සමන්විතවේ. බොහෝ පිරිසකටත් යහපත සලසන මෙම කරුණා වැඩපිලිවෙල බොහෝ දෙනෙකුට අනුවණ සහගත ක්‍රියාවලියක් ලෙසටමයි හැඟෙන්නේ. එවන් වූ අහිතකර මත දුරලා ගෙන ප්‍රඥාවන්තව මේ කරුණාවේ පියාපත ශක්තිමත් කරගැනීමේ වැදගත්කම හඳුනාගත හැකි දහම් එකතුවකි!