කරුණා ශාසනය හඳුනාගනිමු

කරුණා ශාසනය යනු බොහෝ දෙනෙකුට හඳුනාගන්නට අපහසු කොටසකි.  හඳුනාගන්නට ඇති අපහසුව නිසාම කරුණා ශාසනයේ අංගයන්ට විවිධාකාරයෙන් දොස් තබන්නට පෙළඹී සිටින පිරිසකුත් සිටිනවා.  අන්න ඒ නිසාම මේ අමුතු ශාසනය කුමක්දැයි හඳුනාගැනීම වැදගත් වෙනවා.  ප්‍රඥාවන්තකමත් කරුණා මෛත්‍රිය මුදිතාව යන මෙත් සිතත් එකට එකතු වී යන්නකි.  එය වෙන්වූවක් යැයි සිතීමම අවිද්‍යාවේ තීරණයකි.  මේ කොටස් දෙක හරියටම කියනවා නම් පියාපත් දෙකක් වගේ.  එකක හෝ අඩුවක් තිබේ නම් නිවනට පියාසලන්නට අපහසු වෙනවා නිසැකයි.  මන්ද ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නම් වූ ඉන්ද්‍රීය බල පහ ක්‍රියාත්මක වන්නේත් මේ කියන පියාපත් දෙක තුලමයි.   ඉතින් මේ දේවල් ගැඹුරින් විමසා මඟ හැරී ඇති සියුම් තැන් විමසා නිසි මඟට පත්වීම ප්‍රඥාවන්තයාගේ වගකීමකි. 

ප්‍රඥාවන්තභාවය නොමැති වූවොත් නම් මේ කරුණාව දයාව මෛත්‍රිය සහිත මේ පියාපත මහා අවුල් ජාලයක්ම වන බව නම් ඉතින් සැකයක් නෑ.  ඒ නිසාම තමයි මේ කොටස පිළිබඳව නුවණින් විමසා හොඳින්ම අවබෝධ කරගත යුතු වන්නේත්.  ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවන්තයා කපටි කෛරාටික අති පණ්ඩිතයෙකුබවත්, ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවන්තයා අන්ධ භක්තියෙන් යුතු අනුවණයෙකු බවත් කියැවෙන කියමනක් තිබෙනවා.  එය සැබෑවක්දැයි යන්නත් විමසා බලන්නට මේ කොටස ප්‍රඥාවන්ත ඔබ සැමටම වැදගත් වේවි!