සැකය (විචිකිච්ඡාව)...

නිවන නැති කරන මානසික තත්වයකි... බුදු දහම සම්බන්ධයෙන් බුදු පියාණන්වහන්සේලා සම්බන්ධයෙන් පමණක්ම නොවේ තමන් පිළිබඳව පවා නොදන්නාකම නිසාවෙන් ඇතිවන සැකය සහිත මානසික තත්වයයි... සැක නැති කල යුතුයි.. සත්ධර්මය තුලින්මයි සැකය පහ වෙන්නේ... සැකය විනිවිද දැකීමට නිර්වාණ ධර්ම සමඟින් එකතුවන්න...

දන්නා දෑහි නොදන්නා දෑ

මේ වන විට බොහෝ දෙනෙක් අර්ථයක් හරියටම දන්නේ නැතිව කරන කියන දේ නම් බොහෝම තිබෙනවා. ඒවා නිකම්ම නිකම් සිරිතක් වශයෙන් හෝ වේවා වෙනත් අරමුණකින් හෝ වේවා වෙනත් අර්ථයක් ලබා දෙමින් හෝ වේවා සිදු කෙරෙන නිසාම ඒ ඒ කටයුතු වලින් සමහර විට නිසි ඵල නෙලාගන්නටත් අපහසු වෙනවා. සමහර අර්ථයන් නිසිව තෝරගන්නට බැරිවූ කල ඒවා පහත හෙලා වෙනත් නොගැලපෙන අර්ථ දීලා සම්මතයෙන් සංස්කෘතියෙන් සමාජයෙන් ඉවත් කර දමන්නටත් සමහර පිරිස් කටයුතු කරනවා. අන්න ඒ දන්නවා යැයි සිතන බොහෝ දෑ සම්බන්ධයෙන් නොදන්නාවූ පැතිකඩක් විවර කරන පිටු කීපයක ඇසුර ලැබගන්න!