ඡන්දය...

විටෙක පහ කල යුතුය විටෙක ඇති විය යුතුය... විටෙක පැවැත්ම සකසන ඡන්දය විටෙක පැවැත්ම නවතා දමන්නට උපකාර වෙයි... නැති කල යුතු කැමැත්ත සහ ඇතිවිය යුතු කැමැත්ත පිළිබඳව ගැඹුරින් විමසන්නට නිර්වාණ ධර්ම සමඟින් එකතුවන්න...

ඡන්දයෙන් අරඹමු

ලෞකික හෝ වේවා ලෝකෝත්තර හෝ වේවා යමක් ඇරඹුම පිණිස පළමුව කැමැත්ත හෙවත් ඡන්දය අත්‍යවශ්‍යම අංගයකි. එබැවින් නිර්වාණ ධර්මය ඇසුරු කරන්නට මත්තෙන්ද ඒ ධර්මය කෙරෙහි කැමැත්ත ඇතිවිය යුතුය. ඒ කැමැත්ත ඇතිවන්නට නම් ඒ පිළිබඳව විමසා දැනගත යුතු මූලික කරුණු කාරණාද තිබේ. අන්න ඒ මූලිකව දැනගත යුතු බොහෝ දෑ එකතු කොට... බුදු දහම විමසන ආරම්භකයන් වෙනුවෙන් සකස් කරන ලද ලිපි පෙලකි.