සතර බ්‍රහ්ම විහරණය නුවණින් දැනගනිමු!

කරුණා ශාසනය කියන්නාවූ පියාපතේ පුංචි පුංචි පිහාටු වගේ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා කියන ගුණයන්.  ඒවා කෙටියෙන් කියනවා නම් මේ බුද්ධ ශාසනයටම පමණක් සීමා වූ ගුණයන් කිහිපයක්.  ඒ කොහොමද කියලා වටහාගන්නට මේ විග්‍රහයන් ඔබට පහසුවක්ම වේවි.  මේ දේවල් ගැඹුරින් නුවණින් වටහා නොගතහොත් හැමදාමත් අන්‍ය ශාසනිකයෙක් වගේ තමයි දිවි ගෙවන්නට සිද්ධ වෙන්නේ. අවුල තියෙන්නේ තමන් අන්‍ය ශාසනිකයෙක් බව තමනුත් නොදන්නාකමයි.  සිතාගෙන සිටින්නේ බෞද්ධයෙක් ලෙසින්... සිතාගෙන සිටින්නේ ශාසනික පුරුකක් ලෙසින්... ඒත් කටයුතු?  ජීවත් වෙන්නේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් කියලා රැවටීමකින් යුතුව නිසා ගැලවීමත් අපහසුයි.  ඒ නිසා නුවණින් විනිවිද දකිමින් නිවැරදි බ්‍රහ්ම විහරණය තෝරාගැනීමට බුද්ධිමත් ඔබට මේ සියලු දේ උපකාරයක්ම වේවා යැයි මෙත් සිතින් පතන්නෙමි!