කෙලෙස් ...

සුපිරිසිදු චිත්තය අපිරිසිදු කරයි... දුකට පත්කරයි... යථාර්ථයෙන් මුදවා බොරුවක්ම මායාවක්ම විශ්වාස කරන්නට ඇත්තක් යැයි පිළිගන්නට ඔබව අසරණ කරයි... කෙලෙස් මාරාන්තිකයි... එහෙත් සුව කල හැකියි... එවන් වූ කෙලෙස්හි සැබෑ ස්වරූපය දැනගන්නට නිර්වාණ ධර්ම ඇසුරු කරන්න...

සතුටෙන් දිවි ගෙවමු

නිර්වාණ අවබෝධය පිණිස උත්සාහයක් වීර්යයක් ගැනීමට අපහසුවක් තියෙන පින් මදියි, නුවණ මදියි කියලා හිතෙන උදවියට උපකාරයක් වීම පිණිසත් මේ ගැඹුරු ධර්මය අපටත් නොදැනීම අප තුලම ක්‍රියාත්මක කරවා ගෙන සැබෑ සතුට ලැබීම පිණිස මාර්ගය සකස් කරගැනීමට හැකි වැඩපිළිවෙලක් මේ කොටස තුලින් නන් අයුරින් විග්‍රහ වෙනවා. අප විසින් වටහාගත යුතු සහ වටහාගන්නට පහසු නොයෙක් නොයෙක් දෑ විග්‍රහ කරගන්නට තමයි මේ කොටස වෙන් වන්නේ. ප්‍රඥාවන්තව විමර්ශණය කරමින් ජීවිතයට ලං කරගන්නට උත්සාහ කරන නැණවතුන්ට ආගම් කුලමල ජාති තත්ව තානාන්තර භේදයකින් තොරවම ජය නියතයි!