අප්‍රමාදය පිණිස


භික්ෂුවක් වශයෙන් හෝ වේවා භික්ෂූණියක් වශයෙන් හෝ වේවා උපාසකයෙක් වශයෙන් හෝ වේවා උපාසිකාවක් වශයෙන් හෝ වේවා අතිදුර්ලභ මනුස්ස ජීවිතයක් ලබාගෙන තිබෙන ඔබට ඔබව ගලවාගැනීමට නම් ඔබව අනතුරෙන් මුදවාගැනීමට නම් මේ ලැබී තිබෙන අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගැනීමට බුද්ධිමත් සැබෑම මනුස්සයෙක් වශයෙන් කටයුතු කරන්නට සිද්ධම වෙනවා. ඒ අනුව නැණවත් ශ්‍රාවක පරපුරට අප්‍රමාදීව කටයුතු කරගැනීමට උපකාර වේ යැයි සිතන දහම් කොටස් එකතුවක් මෙම කොටස යටතේ ඔබට ඇසුරු කරන්නට ලැබෙනු ඇත.