මෙත් භාවනාවේ ගැඹුර

වෛරය සංසිඳීම පිණිස ද්වේශ චරිතයාගේ ද්වේශය ප්‍රහීණය පිණිස උපකාර වන්නේ මෛත්‍රිය බව දහම තුල පෙන්වා දී තිබෙනවා.  ඉතින් ඒ නිසා ද්වේශය තරහාව මඳ වශයෙන් හෝ පැමිණෙන පිරිස් වශයෙන් බොහෝ විට මූලික භාවනාවක් ලෙසින් තෝරාගන්නේ නොයෙක් ආකාරයේ මෙත් භාවනාවක්මයි. 

මම නිදුක් වෙම්වා... නිරෝගී වෙම්වා... ආදී වශයෙන් පුංචි කාලයේ පටන්ගෙනම භාවනාව යනු කුමක්දැයි හඳුනාගන්නේත් මෙත් භාවනාවක් හරහාමයි.  මේ වන විට මෙත් භාවනාව තුලින් ඔබ ගන්නා අදහස නිවැරදිද?  මෙත් භාවනාව තුලින් නිවැරදි මෛත්‍රියක් විහිදෙනවාද?  නිවැරදි මෙත් සිත සකස් වෙනවාද ආදී දෑ විමසා බැලීම ඉතාමත් වැදගත් වෙනවා. 

මේ වන විටත් පෙර කොටස් ඇසුරු කල ඔබට මෛත්‍රිය කරුණාව ආදී සියල්ලෙහි අඟ මුල පැටලී ඇති අයුරු දැනගන්නට හැකිවෙන්නට ඇති.  ඉතින් එසේ නම් නිවැරදි අදහස මතු කරගන්නට කල යුත්ත කුමක්ද සහ ඒ නිවැරදි අදහස මතු වනතාක් අප මෙත් භාවනාව කෙලෙසකින් වැඩිය යුතුද යන්න විමසා බලන්නට මේ දහම් කොටස් එකතුවෙන් උත්සාහවන්ත වෙමු!