මනුසත් ලොව


මනුස්ස ලෝකය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා ඔබට හිතේවි. ඇත්තටම සිහියෙන් සිටිනවා නම් මනුසත් ලෝකය ගැන විශේෂයෙන් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නෑ තමයි. ඔබ අවටම සිහියෙන් නුවණින් විමසා බලන්නේ නම් මනුසත් ලෝකය යනු පැවැත්ම පිණිස සුදුසු තත්වයක තිබෙන්නක්ද නැත්ද යන්න වැටහේවි. එහෙත් ඒ ගැන කෙටියෙන් නමුත් විමසා බලන්නට මෙම කොටස යොදාගනිමු.