මමත්වය...

තමන් යැයි වරදවා වටහා ගන්නා කෙලෙස් නිසාවෙන්ම හටගත් මානසික තත්වයකි. විවිධාකාර මැනගැනීම් රැසකින් නිර්මාණය වූ මමත්ව පටල එකින් එක නැති කිරීම තුලින් නිවීමට පත්වේ... සැබෑ මමත්වය හඳුනාගෙන මමත්වයෙන් නිදහස් වූ නිවහල් මානසිකත්වයකට පත්වීමට එකතුවන්න නිර්වාණ ධර්ම සමඟ...

නිදහස් තාරුණ්‍යය

තරුණ වයස බොහෝ චෝදනා උපවාද විඳින අවදියයි... තරුණ වයස ආශ්වාදයේ උපරිමයෙන් මත්විය හැකි අවදියයි... මේ කාලය ධර්මයක් ගැන සිතන්නට සිත යොමු වන්නේ බොහෝම කලාතුරකින්මයි... මේ කාලය ආශ්වාදයෙන් මිදෙන්නට තීරණයක් ගන්නේ බොහෝම කලාතුරකින්මයි... එවන් වූ තරුණ වයස හඳුනාගෙන ඒ තරුණ භව අර්ථවත් කරගැනීම පිණිස සිතන්නට බොහෝ දෑ එකතුවන පිටු කීපයකි...