සත්ධර්ම එකතුව

සත්ධර්ම ශ්‍රවණයට, කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයට සීමා මායිම් මා හට නොවේ. රාගයෙන් මිදෙන්නට, ද්වේශයෙන් මිදෙන්නට, මෝහයෙන් මිදෙන්නට වදනක් නැගෙන්නේ කොතැනින්ද, කවර අයුරකින්ද, කාගෙන්ද ඒ ඇසුර ලැබගන්නේ අවංකවම නිවීමට ඇති වුවමනාව නිසාමය. කාලාම සූත්‍ර දේශනාවේ බුදු වදනට අනුවම සත්දහම සොයන්නා හට වරදින්නේ නැති බව අත්දැකීමෙන්ම පැවසීමට කැමැත්තෙමි. එබැවින් මේ උතුම් කළණ මිතුරු ඇසුර ලැබගන්න. ඔබේම නිවීම පිණිස පමණක් ප්‍රඥාවන්තව විමර්ශණය කරමින් දහම් අහන්න! ඔබ නිවෙන්නේ යම් තරමින්ද ඔබ ඵල ලැබගන්නේ යම් තරමින්ද එපමණින්ම මේ කළණ වැටද රැකේවි!