දානය…

අත්හැරීම පිණිස මූලික පියවරයි… ලබන්නාටත් ලබාදෙන්නාටත් අසීමිත සතුටක් ලබා දෙන අපූරු ක්‍රියාවලියකි. ත්‍යාගශීලීබව තුලින් ලැබෙන ජය දන්නේ නම් දානය පිණිස මොහොතකටවත් කිසිවෙකුත් පමා නොවනු ඇත... සැබෑම දානය දැනගැනීම පිණිස රැඳී සිටින්න නිර්වාණ ධර්ම සමඟින්...

ප්‍රකාශන එකතුව

කළගුණ සලකන්නට ආදරය කරන අයට ධර්ම දානයක්ම ලබාදී සසර අනතුරින් ගැලවෙන්නට උපකාර කිරීමට ලබා දිය හැකි දම් පඬුරු එකතුවකින් මෙම කොටස සමන්විතවේ. හැකි සෑම අයුරකින්ම ගුණාත්මකව සහ නිර්මාණාත්මකව ලොව වටා බහුතරයක් පිරිස වෙතට “නිර්වාණ ධර්ම“ ලැබගැනීමේ පහසුව පිණිස විවිධාකාරයෙන් සත්ධර්මය ගැබ් වන දෑ මෙම වෙබ් අඩවිය ඔස්සේ සකස්වන බව ඔබ දන්නවා. රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදීම පිණිස ඒ රත්වීම නිවාගැනීමට හේතුවන සෑම ආකාරයකම ප්‍රකාශන එකම තැනකට ගොනු කලහොත් ඇසුරු කරන පිරිසට තවත් පහසු වේවි යන අදහස ඇතිව මෙම කොටස නිර්මාණය කර තිබෙනවා..

 

රූපාවතරණය - දහම් වීඩියෝ එකතුව

කුඩා දරුවෙකුට වුවත් තේරුම් ගත හැකි වන අයුරින් චලන රූපයෙන් පහදා දෙන සදහම් කොටස් එකතුවක් සහ නිර්වාණ ධර්ම අනුග්‍රහයෙන් සකසා දෙන තවත් බොහෝ චලන රූප නොහොත් වීඩියෝ එකතුවකි.

 

නිර්වාණ ධර්ම පොත පත

ආදරය කරන සදහම් කැමති පිරිසත් සමඟින් බෙදා ගන්නට වෙබ් අඩවියේ පලවන සමහර ලිපි පී.ඩී.ෆ් ග්‍රන්ථ ආකාරයෙන් සකසා මුද්‍රණය කරගැනීමට පහසු වන සේ ලබා දී ඇත...

 

නිවනට වදනක්

යහපත් දිවියක් උදෙසා නිති සිහි තබාගැනීමට, එදිනෙදා කළණ මිතුරන් අතර බෙදා ගැනීමට හැකි සදහම් වදන් පෙලක එකතුවකි...

 

දහම් පත්‍රිකා

එක් පිටුවකින් පමණක් කියැවෙන දහම් පත්‍රිකාවක් හදිසියකට මුද්‍රණය කරගන්නට... අන් අය අතර බෙදා ගන්නට පහසුක්ම ගෙන දෙනවා. ඒ ගැනත් හිතලා පිටුවකට දෙකකට පමණක් සීමා කර මුල මැද අඟ කළණ සත්දහම ගොනු කල දහම් පත්‍රිකා එකතුවකින් සමන්විතයි

 

නිර්වාණ ධම්මපද

ධම්මපදය තුලින් අප සැම දෙනා මෙතෙක් ඇසුරු කලාවූ අර්ථයෙන් ඔබ්බට ගොස් නිවීම පිණිස තව තවත් ගැඹුරු දහම් මතුකරගැනීම පිණිස සකස් වූ සදහම් කොටස් එකතුවකි...

 

සාදරයෙන් පිලිගනිමි!

ප්‍රඥාවන්තව දිවි සරු කරගැනීමට සාමය සතුට බෙදන මාගේ මුහුණු පොතේ ගිණුමේ මිතුරු මිතුරියන් අතරට සාදරයෙන් පිළිගනිමි!!!