ආශිර්වාදයේ ගැඹුරට

“නිර්වාණ ධර්ම” වෙබ් අඩවියේ බොහෝ පිටුවල ඔබ දැක ඇති මා අවසන් කරන්නේ “තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා” යන වැකියත් සමඟයි.  ඉතින් ආශිර්වාදය ගැන වැඩි ගැඹුරක් නොදන්නා විට කෙනෙකුට නැගෙන ගැටලුවක් තමයි “ඔහොම කිව්වයි කියලා ඉතින් ලැබෙනවා නම් මොනවා කරන්න බැරිද?” කියලා වගේ අදහසක්.  ඒ නිසා සමහර අවස්ථාවලදී මට කියලාත් තියෙනවා ඔහොම කියන්න එපා ඒක බුදු දහමට ගැලපෙන්නේ නෑ කියලා. 

අන්න ඒ නිසා මේ වදනේ ගැබ්වන හරය ගැන විග්‍රහ කරගන්නට සුදුසුම කොටස මේ කොටස කියලයි මට හිතෙන්නේ.  ඒ නිසා විවෘතව විමසා නිවීම පිණිස ලෝකෝත්තර අරුත මතු කරගන්නට උත්සාහ කරමු.