පිනට දහමට පාරමිතා

මෛත්‍රිය... කරුණාව... පරිත්‍යාගශීලීත්වය... කෘතගුණසැළකීම... නන් අයුරින් එකිනෙකා හට පිහිට වීම... මේ සියලු දෑ තුලින් ජීවිතයේ සැබෑ සතුට ලංකරගැනීම පිණිස ලැබෙන්නේ අසීමිත උපකාරයක්... මේ දේවල් අපගේ ජීවිත වලට ලංකරගන්නා තරමින් සිතට දැනෙන්නේ අපට මිනිසෙක් වශයෙන් කොතරම් නම් යහපත් දෑ කරන්නට හැකිද යන්නයි... තමන් කරනවා සේම තවත් කෙනෙකු කල කී දෑ දැක බලා තමන් කරගත්තා සේම සතුටු විය හැකි නම්... සිත කෙලෙසන දෘෂ්ඨීන්ගෙන් මානයන්ගෙන් තොරවම සසර පැවැත්මට හේතු නොවන අයුරින්ම ඇසුරු කරන්නට හැකිනම්... ප්‍රඥාවන්තභාවය යෙදී තිබෙන්නේ එතැනයි...