නොදැන කලත් වැරදීමක්මක් නම් නැත!

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විදියට අරුත් දැනගත් විට පමණද යහපත ගෙන දෙන්නේ කියලා.  නෑ... එහෙම නෑ... ඔබ මල් වට්ටියකට දැනගෙන අතගැසූවත් නොදැන අතගැසූවත් එයින් ලැබෙන යහපත අප්‍රමාණයි.  වැදගත් වෙන්නේ ඔබ ඒ කෙරෙහි අංශු මාත්‍ර තරමින්වත් ප්‍රසාදයක් තිබුණාද නැත්ද යන්නම පමණයි. 

ඉතින් චිත්ත ප්‍රසාදයෙන් යුතුව සිදුකල එවන් වූ පින්කටයුතු නිසාම... පින්කටයුතු අනුමෝදන් වූ නිසාම අරිහත්වය කරා පැමිණීමට ඒ ගත්තාවූ ආරම්භය හේතු උපකාර වූ ආකාරය පෙන්වා දෙන උත්තරීතර මහ රහතන්වහන්සේලාගේ කතා පුවත් මේ කොටස තුලින් ඇසුරු කරන්නට අවස්ථාව ලබා දෙන්නම්.  ත්‍රිපිටක ග්‍රන්ථ තුල ඇති එම කොටස අපදාන පාලිය ලෙසින් හැඳින්වෙනවා.  නැණවත්ව ඇසුරු කොට යහපත උදා කරගැනීමට මෙම කොටසත් බුද්ධිමත් ඔබට උපකාරයක්ම වේවි!