සිංහල ධර්ම දේශනා


සිංහල බසින් සත්ධර්ම දේශනා අසන්නට මෙම එකතුව තුලින් හැකිවේ. ලක්බිම වෙසෙන සියලුම හිමිවරුන්ගේ එකතුවක් මෙහි නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි ගැබ්වන්නේ මාගේ නිවන් මාර්ගය කලඑලි කරගන්නට මට උපකාර වූ හිමිවරුන් එකතුවක් පමණි. මෙහි ගොනු වී ඇති උතුම් කළ්‍යාණ මිත්‍ර ඇසුර තුලින් නිවන් මඟට මහඟු උපකාරයක්ම ලැබේ. තම තමන්ට ආවේණිකවූ ආකාර වලින් සත්දහම පෙන්වා දුන්නත්... විවිධාකාර දේශනා ශෛලීන් තුලින් සත්දහම මතුකර දෙන්නට උත්සාහ කලත්... මතු කරන්නේ පෙර නොඇසූ විරූ අපූරු බුදු වදනමය. ඒ වචන පද හමුවේ අතරමං නොවී නොගැටී දේශනා ඇසුර ලැබගන්න!