බියකරු සතර අපාය

මොකක්ද මේ සතර අපාය කියන්නේ?  සෝවාන් නොවුණොත් ඒ කියන්නෙ දහම් ඇස පහළ නොවුනොත් යන්න වෙන අපායවල් සතරක් ගැන නිතර නිතර කථා බහට ලක්වෙනවානේ.  ඉතින් මේ සතර අපාය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතිව කොහොමද එහි යනවාද නැත්ද කියලා තීරණය කරන්නෙ නේද?  ඒ නිසා මේ කොටස වෙන් වෙන්නේ මේ සසරේ බරපතලම අනතුර හඳුනාගන්නටයි.  

බොහෝ දෙනෙක් සතර අපාය විශ්වාස කරන්නේ නෑ.  විශේෂයෙන් තිරිසන් අපාය හැරුණුකොට නොපෙනී තිබෙන අපායන් විශ්වාසය කරන්නේම නෑ.  හැම ආගමකම මේ සතර අපායන් විග්‍රහ කරන්නේ මිනිස්සු භය කරන්න කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ.  බුදු හිමියන් නම් ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි අනුගමනය කලේ.  සතර අපාගත ලෝකයක් සකස් වෙනවා.  ඒ සතර අපාගත ලෝකයට හේතු මේවයි... ඒ සතර අපාගත ලෝක නිරෝධය මේකයි... ඒ සතර අපාගත ලෝක නිරෝධ කරගන්න ක්‍රමය මේකයි... අපායන් පිළිබඳව චතු සත්‍ය පෙන්වා දුන්නා.  එතකොට සිහියෙන් අහගෙන හිටියාම ප්‍රඥාව අවධි වෙච්ච ප්‍රඥාවන්ත පිරිස සතර අපාගත ලෝකයෙන් මිදුණා.  

භය වෙන්න තරම් කරුණු කාරණා තිබුණත්  පේන්නේ නැති දේකට ඉතින් බයක් ඇතිවෙන්නේ නෑනේ.  අනෙක් ඒ විදියට නැවැත්තුවා කියලා පැවැත්මෙන් නිදහස් වීමකුත් නෑ.  ඒ විදියට නැවත්වූ විට බොහෝ විට සකස් වෙන්නේ ලෞකික පැවැත්ම පිණිස වූ ලෞකික සුගති මාර්ගයයි.   ඒ නිසා බුදු දහම කියන්නේ භය කරලා පව් කරන එක බලහත්කාරයෙන් නවත්වන දර්ශනයක් නෙවේ.  පැවැත්ම නවත්වාගන්න වැඩපිලිවෙල තමයි පෙන්වා දුන්නේ.  

ඉතින් මේ ආපාය ගැන පොත පතින් හෝ දැකලා බලලා ටිකක් විතර භයක් තියෙන පිරිස නම් ඉතින් අපායේ යන්න කැමති නෑ කියනවා.  ඒත් ඉතින් යනවනේ... හේතු තියෙනවා නම් ඵලය එපෝ! එපෝ! කිව්වට හරියන්නේ නෑ ඕං. ඒ නිසා අපි උත්සාහ කල යුත්තේ හේතු නැති කරන්න මිසක් හේතු තියාගෙන ඵලය එපෝ! එපෝ! කියලා මතුරන්න නෙවේ. එහෙම නේද?  ඉතින් සතර අපාය පිළිබදව විස්තර විග්‍රහ කරලා දැනගන්න, ත්‍රිපිඨක ග්‍රන්ථ තුල ගැබ්වී තිබෙන ශ්‍රී සත්ධර්මය තුල අපායන් ආදිය පිළිබදව තිබෙන විස්තර මෙන්ම වෙනත් මා විසින් කියවන්නට යෙදුන පතපොත බ්ලොග් අඩවි ආදිය ඇසුරු කරගෙන සකස් කල එකතුවක් ලෙසින් මෙම කොටස සකස් කරලා තියෙනවා.  ඉතින් මේවා ගැන වෙන වෙනම කථා කරන්නට තරම්ම විස්තර නම් තියෙනවා.  ඒ නිසා සුදුසු පරිදි හැකි අයුරින් ඒවා පිළිබදව කථා බහ කරමු නේද?  

අපායවල් 4 නම් කරනවා නම් මෙසේයි.