පංච සීලය


පංච සීලය කියන්නේ බොදුනුවන්ට නුහුරු දෙයක් නොවේ. අඩුම තරමේ පන්සිල්වත් රැකිය යුතුයි යන අදහස තමයි බොහෝ දෙනෙකුට තියෙන්නේ. නැතිනම් බොදුනුවෙක් කියන්නටත් ලැජ්ජයි කියලා තමයි කියන්නේ. ඉතින් කෙනෙක් කියනවා තමන් පංච සීලය නිසි ආකාරයෙන් රකින බවට... තවත් කෙනෙක් කියනවා අපෝ එය හරිම අමාරු වැඩක් කියලා... ඉතින් මේ විදියට පංච සීලය ගැන අදහස් දක්වන්නේ අප නිවැරදිව පංච සීලය හඳුනා ගෙනද? ත්‍රිපිටක දහම් කරුණුද ඇසුරෙන් පංච සීලය නම් වූ මහා අපූරු දහම් කොටස විනිවිද දකින්නට මෙහි ගොනු වන දහම් එකතුව උපකාරයක්ම වේවි! විවෘත මනසකින් ප්‍රඥාවන්තව විමසන්නේ නම් තමන්ගේ ජීවිත වලට එකතු කරගන්නට බොහෝ දෑ ලැබේවි... අප්‍රමාදී ශ්‍රාවක දරුවන් වන්නට අදිටන් කරගන්නට මේ කොටස ඔබට උපකාරයක්ම වේවි!