ශ්‍රී සත්ධර්මය...

යනු අප මහා සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් විවර කරන්නට යෙදුනා වූ ලොව සැබෑ තත්වයයි. ධර්මය යනු සත්‍ය නම් වූ දොරටුවේ යතුර හා සමානය. සත්දහම අවබෝධවන්නේ යම් පමණින්ද එපමණින් ලොව සැබෑවෙත් මුලාවෙත් වෙනස හඳුනාගන්නට හැකිවනු ඇත. යමෙක් විමුක්තියක් පතන්නේ නම් සත්ධර්මාවබෝධය අත්‍යවශ්‍යම වේ. නිර්වාණ ධර්ම ඇසුරේ සත්ධර්මය ලැබගන්න...

ත්‍රිපිටක සූචිය

ත්‍රිපිඨකය කියලා කියන්නේ සත්ධර්මය ගැබ්කරලා එකතු කරලා සකස් කල ග්‍රන්ථ මාලාවක්. කතෝලික ක්‍රිස්තියානි ආගමිකයන්ගේ බයිබලය, හින්දු ආගමිකයන්ගේ වේද ග්‍රන්ථ මාලාවන් සහ ඉස්ලාම් ආගමිකයන්ගේ කුරාණය වගේ බෞද්ධයන්ට මේ ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාව තුලින් තම ජීවිතයට සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් පෙන්වා දුන්න සත්ධර්මය ලඟා කරගන්නට අවස්ථාව ලැබී තියෙනවා. ඉතින් මෙම කොටස තුල බුද්ධිමත් ඔබට ත්‍රිපිඨක ග්‍රන්ථ ඇසුරු කරන්නට අවස්ථාව උදාවෙනවා. ප්‍රඥාවන්තව ඇසුර ලැබගෙන නිසි ඵල නෙලාගන්නට අප්‍රමාදීවන්න!