Lama Yeshe Wisdom Books

ගරු ලාමා යෙෂේ නම් හිමි නම විසින් දේශනා කරන ලද බොහෝම අගනා දේශනා රැසක් මට ඉතාමත් උපකාර වෙන නිසාම උන්වහන්සේගේ ඒ දේශනා නිතර කියවා ජීවිතයට ප්‍රායෝගිකවම ලං කරගන්නට මම බොහෝ උත්සාහ දරමි. මගේ ආර්ය මාර්ගය පූර්ණය කරගැනීම පිණිස නිර්වාණය හිමි කරගැනීම පිණිස යම් සත්පුරුෂයෙකු විසින් මතුකර පෙන්වා දෙන සත්ධර්මයක් උපකාර වේ නම් ඒ උත්තමයන්ට ගරු කිරීම මගේ යුතුකමක් ලෙසින් සලකමි.  ඉතින් උන්වහන්සේ ගැන විස්තර කියවන්නට වෙන්නේ ඉංග්‍රීසි බසින් තමයි.  පොත පත තියෙන්නේත් ඉංග්‍රීසි බසින්.  අවස්ථාවක් ලැබුනොත් පරිවර්ථනය කර නිර්වාණ ධර්ම වෙබ් අඩවිය ඔස්සේ ලැබෙන්නට සලස්වන්නම්.  එතෙක් ඔබට යහපත්වූ දහම් ඇසුර ලැබගෙන සැනසෙන්නට මේ සියලු දෑ උපකාරයක්ම වේවා!