සදහම් භාෂාව

“නිර්වාණ ධර්ම සඳහම් සත්කාරය” ලෝ සත වෙත තව තවත් ලං කිරීම පිණිස තව තවත් හදවත් සනසාලනු පිණිස විවිධවූ භාෂාවන්ගෙන් විහිදුවා පතුරුවා හරින්නට දරන වෑයමකි. මන්ද පිරිසිදු සත්ධර්මයට භාෂාවක් නොමැත. යමෙකුගේ හදවතට ලං විය හැකි යම් භාෂාවක් වේද ඒ හදවත සනසාලනු පිණිස මේ උතුම් සත්ධර්මය ලබා දෙන්නට ඒ භාෂාවට හැකියාවක් ඇත. එබැවින් අපි සඳහම් භාෂාව තුලින් එකට එක්වෙමු!