පළමු තෑග්ග!

පළමු තෑග්ග!

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ්හි නදීජා කැකිරිදෙණිය මිතුරිය අහම්බෙන් මෙන් දුරකථන ඇමතුමක් දුන් අවස්ථාවක නිර්වාණ ධර්ම වැඩ කටයුතු වලට අවශ්‍ය දෙයක් තිබේ නම් පවසන මෙන් ඉල්ලා සිටි අතර ඒ අතරම ඇයට පෙන් ඩ්‍රයිව් ආදිය එවිය හැකි බවද පැවසුවා.  සුපුරුදු පරිදි නිර්වාණ ධර්ම පින් කටයුතු වලට අඩු නැතිව සම්බන්ධ වන ඇයට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවසූවේ ඒ අනුවයි.  ඇයගේ ඒ පරිත්‍යාගය නිසාම බලාපොරොත්තු වූ කාලයට පෙර මෙම දහම් කටයුත්තද ආරම්භ කරන්නට හැකියාවක් ලැබී තිබෙනවා.

නදීජා මිතුරියටත් ඇයගේ පවුලේ සැමටත් අනන්ත සසර පුරාවට සම්බන්ධ වූ සතර වරිගයක ඥාති හිතමිත්‍රාදී සැමටත් මේ සිදුකරගත් මහා පුණ්‍ය කුසල ශක්තීන් නිවනින්ම සුවපත් වීමට හේතු උපකාර වෙත්වා යැයි මෙත් සිතින් පතමු!

උපකරණ පමණක් නොවේ මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඔබගේ දායකත්වය ලබා දිය හැකි අනෙක් ක්‍රමය තමයි ඔබගේ අන්ධ මිතුරන් ඥාතීන් සිටී නම් ඔවුන් වෙනුවෙන් සැකසෙන මේ දහම් පණිවිඩයන් ඔවුන් සමඟ බෙදාගන්නට පින්වත් ඔබත් කාරුණිකවන්න!  අවශ්‍ය කරන්නේ ඔබගේ අවශ්‍යතාවය අපට වෙබ් අඩවිය ඔස්සේම දන්වා එවීම පමණයි! 

තෙරුවන් සරණින් සැම සතට යහපතක්ම වෙත්වා!