සූත්‍ර පිටකය


සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් සහ මහ රහතන්වහන්සේලා ඇතුලු ශ්‍රාවකයාණන්වහන්සේලා විසින් දේශිත දහම් කොටස් එකතුවකින් යුතු සූත්‍ර පිටකය තුල ගොනුවූ බොහෝ දහම් කොටස් නිවන් මඟට මහෝපකාර වනවා සැකයක් නැත. 

සූත්‍ර පිටකය ප්‍රධාන කොටස් 5කින් යුක්තයි.  ඒ කොටස් පහ වෙන් වෙන් වශයෙන් ඇසුරු කරන්නට ඔබට මෙම කොටස තුලින් අවස්ථාව ලැබෙනවා... ඒ සූත්‍ර දේශනා සෙවීමක් අවශ්‍ය නම් ඒ පහසුකම්ද ත්‍රිපිටක සෙවුම ඔස්සේ හැකිවෙනවා.  (තවමත් සම්පූර්ණ නොමැති නිසා සියලු සෙවීම් නොලැබේවි.  ඒ වෙනුවෙන් සමාව අයදිමි!)

ඒ ඒ ග්‍රන්ථයන් සම්පූර්ණ ග්‍රන්ථය සේ බාගත කරගැනීම කල හැකි සේම තනි තනිවම සූත්‍ර දේශනාව බාගත කරගැනීමටද අවස්ථාව තිබෙනවා.  ඒ වගේම යම් යම් සූත්‍ර දේශනාවලට අදාල අටුවා ටීකා ආදී එයට ඇතුලත් කරුණු කාරණාද ඒ ඒ පිටුව තුලින්ම ඇසුරු කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. 

පොතක පතක තිබෙන දේට දැඩි ඇලීමෙන් යුතුව ඉන් පරිබාහිරව යොදන වචන තුල දහම් නැතැයි යන අන්ධ විශ්වාසයන්ට යටත් නොවී උත්තරීතර පිවිතුරු දහම පොත පතක වචන පද කිහිපයකට සීමා නොකොට තෙරුවණේ ගෞරවයෙන් යුතුව ඇසුරු කරන්නට ප්‍රඥාවන්තව කටයුතු කරගත යුතුයි.  මේ සියලු වෑයම නිවන් මඟ කළ එලි කරගැනීම පිණිස උපකාරයක් වීමටයි. තෙරුවන් සරණ ලැබ නිවනම වෙත්වා!

 

 

tipitaka