බුදු දහම කව්රුන් උදෙසාද?

  25 ජනවාරි 2012

බුදු දහම කියන්නේ හැමදෙනාටම ගත යුතු දෙයක් තියෙන අපූරු දර්ශනයක්!  ප්‍රඥාවන්තයින්ට නම් ගත හැකි ප්‍රමාණය මෙපමණයි කියලා කියන්නට නොහැකි තරම්.  “ප්‍රඥාවන්තභාවය“ට පාටක්, ආගමක්, තත්වයක්, තරාතිරමක්, ලිංග භේදයක්, වයසක්, ජාති කුලමල ආදී දෑ නොමැති බව අප තේරුම් ගත යුතුයි.  “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය තුල වෙන් කර ඇති කොටස් තුලින්ම ඔබට වටහාගන්නට හැකිවේවි මේ දහම තුල හැමෝටම කුමක් හෝ තිබෙන බව. 

ඒත් ඉතින් මම හිතන්නේ මේ දේවල් දිගින් දිගටම විස්තර කරනවා වඩා වැදගත් වන්නේ ඔබේම නුවණින් මේ දේවල් හඳුනාගැනීමයි.  තම තමන් අත්දකින තුරාවට මේ දේවල් පුහු කතන්දර පමණයි.  ඒ නිසා යමක් උපකාර කරගත හැකි නම් මේ සියලු දේ තුලින් ඒ උපකාරය ලබාගෙන තම තමන්ගේ නැණ පමණින් මෙතෙක් නොදැන සිටි නොදැක සිටි යථාර්ථය අත්දැකගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට අවස්ථාව උදාකරගන්න. 

බුදු දහම තුල හැමෝටම ගත හැකි දේ බොහෝමයි. මම පුංචි පින්තූර කිහිපයක් තුලින් මේ බව කියන්නට උත්සාහ කලා.. ඉතින් මේ පින්තූර සම්මතයෙන් පිට දෝ මන්දා කියලත් සමහරවිට කෙනෙක්ට හිතේවි... රාමුවෙන් ඔබ්බට විවෘත හිතන උදවියට නම් මේ දේවල් තුලින් උකහාගන්නට පණිවිඩයක්ම ලැබේවි!

පින්තූර බලන්න.. වීඩියෝවත් බලන්න... නිර්වාණ ධර්ම සමඟ රැඳී සිටිමින් යථාවත් දහම අත්දැකගන්නට මඟ පාදාගන්න!