භාවනාවට මුල පුරමු


මෙම කොටස මූලිකව වෙන් වන්නේ භාවනාව ආරම්භ කිරීමට මත්තෙන් දත යුතු විවිධ වූ කරුණු සාකච්ඡා කිරීමටයි. සිංහල භාෂාව දන්න ඔබට තියෙන විශේෂම වාසිය තමයි ලිපි කියවන්නට අවස්ථාව ලැබීම ප්‍රමාද වුවත් ඉතාමත් පැහැදිලිව විස්තර විග්‍රහ කල දේශනා සමූහයක් ශ්‍රවණය කිරීමට අවස්ථාව තිබීම. ඉතින් මේ කොටස ලිපි වශයෙන් පැහැදිලි කොට සම්පූර්ණ කොට ඔබ අතට පත්කරන තෙක් මේ කොටසට අදාලව ගොනු කර ඇති සත්ධර්ම දේශනා ඔබගේ යහපත පිණිසම යොදාගන්නට ඔබට අවස්ථාව ඇත.