කරුණා ශාසනයට එරෙහි වන්නේ ඇයි?

හැඳින්වීමේදීත් කිව්වා වගේ මේ කාලේ කරුණා ශාසනය කියන්නේ බොහෝ දෙනෙකුට හඳුනාගන්නට අපහසු වූ කොටසක්.  මෙම කරුණා ශාසනයටම අදාල පින්කටයුතු ආදී අංග වලදී බොහෝ පිරිසක් ඒවාට විරුද්ධව කතා කරනවා.  විවේඡනය කරනවා.  ඒවා මෝඩයන්ගේ වැඩ කියනවා.  මොන්ටිසෝරි වැඩ කියනවා.  අන්ධ භක්තිය කියනවා.  ඉතින් තර්ක වාද උපවාද අපහාස විවේඡන අනන්තයි අප්‍රමාණයි.  මුලින්ම මේ කොටසේදී මේ දහම් කරුණට සම්බන්ධව මට නිතර අහන්නට දකින්නට ලැබෙන ප්‍රශ්ණ කීපයකට පිලිතුරු දුන්නොත් සුදුසුයි කියලා හිතුනා.