වීර්ය...

නැතිව නම් දහම් මඟ ජයගන්නට බොහෝ අපහසු වේවි. ශක්තිය, ධෛර්ය, වීර්ය නැතිව දහම් මඟ ප්‍රතිපදාව නිසි ලෙසින් කරගෙන යන්නට බොහෝම අපහසුවෙනවා... ඉතින් සැබෑ සතුට ලබන්නට කුසීත බවෙන් ඔබ්බට ගිය නිවී සැනසීම පිණිස මහා බලයක් වන වීර්ය සොයා යන්නට එක්වන්න...

සක් හඬ

සම්මා සම්බුද්ධ වචනය විවර නොවන තරමින්ම එය සැඟව ගොස් වැසී යයි. විවර වන තරමින්ම බැබළෙමින් බොහෝ සතගේ ජීවිතය ආලෝකවත් කරයි. ඒ උතුම් බුදුවදන කිහිපදෙනෙකුට පමණක් සීමාවූවක් නොවන නිසාම... නිවැරදිව නිසි සේ ලබා දෙන්නට හැකි නම් එයින් නිසි ඵල නෙලා ගත හැකි පිරිස බොහෝ නිසාම... “නිර්වාණ ධර්ම” සදහම් සත්කාරය නන් අයුරින් තමන්ට හැකි අයුරින් ඒ සක්හඬ ලොවපුරා දම් කැමැති සත වෙත ලබාදෙන ආකාරය මේ කොටස තුල ගොනු වේ. සක්හඬට සීමා මායිම් නැත. අපගේ මේ පුංචි වෑයම ඒ සීමා මායිම් රහිතව නඟන්නට හැකි සක් හඬ සියලු ලෝ සතට නොඅඩුවම ලබාදීමමයි!