කර්මය හා විපාක

කර්මය හා විපාක

කර්මය සහ කර්ම විපාක පිළිබඳව ත්‍රිපිටක ධර්මය උදාහරණ සහ උපමා අනුසාරයෙන් විග්‍රහ කරගන්නට මෙම කොටස යොදාගනිමු.  විවෘත මනසකින් ඇසුරු කොට යහපත සලසාගන්නට යොමුවන්න.  මෙම කොටසට අදාල විග්‍රහ කිරීම් එකතුවන තෙක් ඔබට මාතෘකාවට අදාල විග්‍රහ සහිත දර්ම දේශනා එකතුවක් ලබා දෙන්නට කටයුතු කරන්නම්.  ඔබට යමක් වටහාගන්නට මේ සියල්ල උපකාරයක්ම වේවි.  වෙලාව ලැබෙන පරිදි ඉදිරි කාලයේදී ලිපි වශයෙන් ලියා යමක් එකතු කරන්නට උත්සාහ කරන්නම්කෝ.  එතෙක් ඔබට මේ කොටස තුල ගැබ්වෙන දේශනාවන් නොයෙක් ලිපි ආදියෙන් උපරිම ඵල ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 

මෙම කොටස තුල වහරක අභයරතනාලංකාර හිමියන්ගේ දේශනා එකතුවක් තමයි ගොනු වෙන්නේ. එකම දේශනාව විවිධ නම් වලින් සමහර විට ගොනු වී තිබෙන්නට පුළුවන්.  ඉතින් එසේ එකම දේශනාව දෙවරක් ගොනු වී තිබෙන අවස්ථාවක් වේ නම් කාරුණිකව ඒ පිළිබදව මා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි. අතපසුවීම් සහ ප්‍රමාද දෝෂයන්ට සමාව ලැබේවා!!!   දේශනා මතින් යොමුවූ විට ඔබට ඒ ඒ දේශනාව බාගත කරගැනීමට (Download) අවස්ථාව සැලසෙනු ඇත.

කර්මය සහ කර්ම විපාක පිළිබදව විස්තර කෙරෙන විග්‍රහ කෙරෙන මෙම වටිනා දේශනා එකතුවට විවෘත මනසකින් යුතුව සවන් දී තම තමන්ට යහපත උදාකරගැනීමට පෙළඹීම බුද්ධිමත් ඔබට භාර කරන්නෙමි! තෙරුවන් සරණින් යහපතක්ම වෙත්වා!