ප්‍රඥාව පිරුණු කරුණාව

කරුණා ශාසනය කියලා අප මෙහිදී අදහස් කරන කොටස තුලට අයත් වන කටයුතු මොනවාදැයි කෙටියෙන් නමුත් විමසා බලන්නට මේ කොටස වෙන්කරගනිමු.  එවිට සමහර අවස්ථාවලදී හරයක් නැතැයි කියමින් තර්ක වාද කරන විවේඡනය කරන කටයුතු තුල ඇත්තටම ගැබ්වන්නේ අපූරු නිවනටම යොමු වියහැකි අර්ථයක්මයි යන්න බුද්ධිමත් ඔබට වටහාගන්නට අපහසු නොවේවි.  මෙහිද අනෙක් පිටුවලදී සේම මූලික මට්ටමේ ඉතාමත් කෙටි විග්‍රහයක් තමයි තිබෙන්නේ.  පසුව දීර්ඝ වශයෙන් විග්‍රහ කරගන්නට යොමු වෙමු.  එතෙක් සැනසීමට පත්වෙන්නට සිතන්නට යමක් ලැබගන්නට මේ සියල්ල උපකාරයක්ම වේවි.