භාවනා...

මොහොතක් පාසා සකස්වන භවයන් නුවණින් දැක පහ කරගනු පිණිස නැණවත්ව සිත අධ්‍යනය කිරීමකි... නිවැරදිව හඳුනානොගතහොත් මඟ නොමඟවී සිදුවන අනතුර මෙතෙකැයි කිව නොහැක... එනිසා නිවැරදි භාවනාව හඳුනාගනු පිණිස එකතුවන්න නිර්වාණ ධර්ම සමඟ...

ප්‍රඥාවෙන් විරියට

ප්‍රඥාවෙන් යථාර්ථය අත්දකින්නට... යථාර්ථය තුලින් සැබෑම සතුට අත්දකින්නට... ධර්ම මං සළකුණු තුලින් ඉදිරියටම ගමන් කරන්නට අවස්ථාව උදාකරගත යුතු වෙනවා. මෙම කොටසින් මූලිකව බලාපොරොත්තු වෙන්නේ යම් දුකක් ලැබෙන යම් ලෝකයක් වේ නම් ඒ දුක්ඛිත ලෝකයෙන් මිදෙන්නට මාර්ගය ගැන විමසා බැලීමටයි. තවත් විදියකට කියනවා නම් යථාර්ථය දකින්නට මනස සකස් කරගන්නට ඕනෑ වැඩපිලිවෙල සාකච්ඡා කිරීමටයි. තම තම නැණ පමණින් විමසා උත්සාහ වීර්ය කොට සුදුසු පරිදි මාර්ගය පාදා ගැනීමට මඟ නොමඟ සොයාගෙන තම තමන්ට යහපතක් කරගැනීමට මෙම කොටස නැණවත් ඔබට උපකාරයක්ම වේවා!