සිද්ධාන්තයෙන් ඔබ්බට

ගැඹුරු දහම් වචන සහ වැකි වලින් යුතු සිද්ධාන්තික දහමක් ලෙසින් තමයි බො‍හෝ දෙනෙක් බුදු දහම පිළිබඳව සිතාගෙන සිටින්නේ... ඒ නිසාම බොහෝ දෙනෙක් මෙය විෂයක් ලෙසින් ඉගෙන ගෙන ජීවිතයට එකතු කරගෙන පුහුණු කරන්නට තමයි උත්සාහ කරන්නේ... ඒත් ඒ දහම අප තුල ක්‍රියාත්මක වන ආකාරය දැකගන්නට අප බොහෝ දෙනෙක් අපොහොසත් වෙනවා. පොත පතට සීමා කරලා දැකගන්නට උත්සාහ කරන්නේ වෙනමම දහමක්... මේ වන විට බුදු දහමේ සිද්ධාන්ත වලට පමණක් සීමාකල, අපුරු දහම් කොටස් අපට මුහු වෙලා තිබෙන අයුරු සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් විග්‍රහ කරගන්නට මෙම කොටස තුලින් උත්සාහ කරමු.