සිහිය...

සත්‍ය සොයා යන්නහුට සිහිය යනු සැබෑම ආරක්ෂකයායි! කොතරම් වෙර යෙදූවද, කොතරම් ශ්‍රද්ධාවක් තිබුණද, කොතරම් දහම් දැනීමක් තිබුණද, සිහිය නොමැති වුවහොත් නම් ඒ කිසිවකින් නිසි ඵලක් නොමවේවි... ඉතින් සැමටම තියෙනවා කියන සිහියෙන් ඔබ්බට ගිය නිවී සැනසීම පිණිස මහා බලයක් වන සිහිය සොයා යන්නට එක්වන්න...

විමුක්තිය පිණිස

විවිධාකාර මාතෘකා යටතේ නිර්වාණ ධර්මය ලැබීම පිණිස සකස් කලාවූ බොහෝ කොටස් ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. වයස් භේදයක් නැතිවම... කුඩා දරුවාගේ පටන්ගෙන වැඩිහිටි පුද්ගලයා දක්වා තම තමන්ගේ ජීවන රටාවන්ට අනුකූලව ඇසුරු කරන්නට පිරිසිදු සත්ධර්මය ගැබ්කර ඇත. මේ කොටස තුල බුදු දහමට ආධුනික නවකයාගේ පටන්ගෙන ධර්මය තුලින් පෝෂණය ලබන ප්‍රඥාවන්ත ශ්‍රාවකයාටද ඇසුරු කරන්නට සත්ධර්මය ගොනු කර ඇත. විවෘත මනසකින් යුතුව මේ සෑම දෙයක්ම ඇසුරු කරමින්, නිවීම සැනසීම සාමය සතුට සපිරුණු සාර්ථක ජීවිතයක් උදෙසා තෙරුවණේ ආශිර්වාදය ලැබගන්න!