ප්‍රඥාව...

අවිද්‍යාවේ නොමැති විට විද්‍යාමාන වන්නේ ප්‍රඥාවයි... යමක් යථාවත්ව ඒ ඒ දේ ඒ ඒ ආකාරයෙන්ම දැකගන්නට... මායාවේ අන්ධකාරය සුනුවිසුණු කර දමන්නට... අවශ්‍යම කරන්නේ ප්‍රඥාවයි... ප්‍රඥාව යම්විටෙක පූර්ණත්වයට පත්වේද ඒ මොහොතේ පටන්ගෙන අත්දකින්නේ සැනසීමයි, සුවයයි, සැබෑම සතුටයි. ඉතින් ප්‍රඥාව පූර්ණයට පත්කරගෙන නිවී සැනසෙන්නට එක්වන්න...

බ්ලොග් අවකාශය

නිර්වාණ ධර්ම දහම් ප්‍රචාරයේ මූලාරම්භය සිදුවූයේ බ්ලොග් අවකාශය තුලිනුයි. තවමත් ඒ තුලින් තම සඳහම් පිපාසාව සංසිඳුවාගන්නා පිරිස බොහෝමයි. ඒ නිසාම වෙබ් අඩවියත් සමඟ සමගාමීව බ්ලොග් අවකාශයත් සත්ධර්මයෙන් පිරෙනවා... අවස්ථාවන් වැඩි වැඩියෙන් ලැබෙන විට සත්ධර්මයත් සමඟ රැඳෙන්නන්ට අත්වන්නේ ලාභයක්මයි!