සමථය...

සමාධිමත් මානසික ස්වභාවයයි... නිසල විලක් ලෙසින් කෙලෙස් වලින් සමථයට පත්වූ මානසිකත්වය තුලින් යථාර්ථය අත්දැකගන්නට බොහෝම පහසුයි... ඇත්ත ඇති සැටියෙන් දැකගන්නට සමථය මහෝපකාරීවෙනවා... නිවැරදි සමථය දැනගන්නට නිර්වාණ ධර්ම සමඟ එකතුවන්න...

ධර්මායතනය

නිදහස්ව නිවහල්ව තම තමන්ටම ආවේණිකවූ ක්‍රම රටාව ඔපවත් කරගනිමින් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබමින් සත්ධර්ම මාර්ගය තුල ප්‍රඥාව දියුණු කරගන්නට අවස්ථාව සැලසෙනවා නම් එය වාසනාවකි. මෙකල දුර්ලභ එවන්වූ වූ ස්ථානයක් බොහෝ සතට සුව පිණිස සකසා දීම නිර්වාණ ධර්ම ව්‍යාපෘතියේ තවත් වෑයමකි... ඒ වෑයම සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට අත හිත දෙන්නට ඔබටත් මෙසේ අවස්ථාව උදා කරදෙමි!