රූපාවතරණය - දහම් වීඩියෝ එකතුව

රූපාවතරණය - දහම් වීඩියෝ එකතුව

 

ගුණාත්මකබව මෙන්ම නිර්මාණාත්මක බවද සලකමින් නන් අයුරින් ගැඹුරු සත්ධර්මය බහුතරයක් පිරිස වෙතට ලබාදීමට “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය සැමවිටම උත්සාහ දරයි. ඒ නිසාම විටින් විට සකස් කරන්නට යෙදෙන වීඩියෝ එකතුවක් මෙම කොටස තුල ගොනු කරන්නට බලාපොරොත්තු වේ. කුඩා දරුවෙකුට වුවත් තේරුම් ගත හැකි වන අයුරින් චලන රූපයෙන් පහදා දෙන සදහම් කොටස් එකතුවක් මෙන්ම විටින් විට “නිර්වාණ ධර්ම“ අනුග්‍රහය දක්වා නොයෙක් පිරිස් වෙත සකසා දෙන්නාවූ සත්ධර්මයට සම්බන්ධ වීඩියෝ එකතුවක්ද මෙම කොටස තුල ගොනු කරනු ලබයි. අන්තර්ජාලය ඔස්සේ බෙදා හදාගැනීමට මෙන්ම සීඩී තැටි වශයෙන් සකස් කර බෙදා හැරීමට කැමති පිරිස් වෙතටද මේ තුලින් පහසුවක්ම සැලසෙන අතර මේ සියලු දෑ නොමිලේ බෙදා හැරීම පිණිස පමණි. සකස් කිරීමට වැය වන වියදම පමණක් යොදා යම් මිලක් නියම කරන්නට බලාපොරොත්තු වේ නම් එසේ කිරීමට පෙර නිසි ආකාරයෙන් අපව දැනුවත් කල යුතු බවද සිහිපත් කර සිටිමි.